දළ විශ්ලේෂණය


අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්කාර්යාලය

දිස්ත්‍රික්කයේ පිහිටිම හා භෞතික, පාරිසරික පසුබිම.

උතුරින් වවිනියාව, මන්නාරම්, මුලතිව් දිස්ත්‍රික්ක වලින් ද දකුණින් කුරුණැගල,මාතලේ දිස්ත්‍රික්ක වලින්ද බටහිරින් පුත්තලම හා මන්නාරම දිස්ත්‍රික්ක හා නැගෙනහිරින් පොලොන්නරුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයන්ගෙන් ද අනුරාධපුර දිස්ත්‍රික්කය සීමා වී පවති. භුමි ප්‍රමාණය අනුව ව්ශාලතම පරිපාලන දිස්ත්‍රික්කය වන අනුරාධපුර ශ්‍රී ලංකාවේ මුළු භුමි ප්‍රමාණයෙන් 10.9% ක් වේ. දිස්ත්‍රික්කයේ විශාලතාවය හෙක්ටයාර් 717900 වන අතර ජනගහනය 865000 ක් වේ. මැතිවරණ කොට්ඨාශ 7කින් යුත් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ ගණන 23 ක් හා ශ්‍රම නිලධාරි කොට්ඨාශ 702 කින් සමන්විත වේ.

නැගෙනහිර නුවරගම්පලාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත්ව අනුරාධපුර නගර මධ්‍යයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පිහිටා ඇත. වර්ෂ 1835 දී දිසාපතිවරයා ලෙස කටයුතු කල ලුතිනන් මැන්ගස්පිල් මහතාගේ සිට දිසාපතිවරු 70 දෙනෙකු මේ දක්වා සේවය කර ඇත.වර්තමාන දිස්ත්‍රික් ලේකම්/දිසාපති වරයා වශයෙන් ඩී.පී.ජී.කුමාරසිරි මහතා දිස්ත්‍රික්කයේ පරිපාලන කටයුතු මෙහෙයවනු ලබයි. ශ්‍රි මහා බෝධින් වහන්සේ ඇතුළු අටමස්ථානය, මිහින්තලේ රජමහා විහාරය, තන්තිරිමලේ රජමහා විහාරය, අවුකන පිළිමය ඇතුළු වැදගත් බෞද්ධ සිද්ධස්ථාන රැසක් මෙම දිස්ත්‍රික්කය තුල පිහිටා තිබේ. ඉපැරණි වාරිකළමනාකරණ පද්ධතියකින් හෙබි මෙම දිස්ත්‍රික්කය තුල කලාවැව, තිසා වැව, නුවර වැව, අභය වැව, නාච්චාදුව වැව, රාජාංගනය වැව ඇතුළු වැව් රාශියක් පිහිටා තිබෙන අතර ඒවායින් කුඹුරු අක්කර දහස්ගණනක් පෝෂණය කරයි.

දිස්ත්‍රික්කයේ සියළුම ජනතාවගේ ජන ජීවිතය ඉහක මට්ටමකට ගෙන ඒම සදහා රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකුලව කටයුතු කිරිමට සියළු නිළධාරින්ට නායකත්වය දිම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වගකීම සහ කාර්යභාරය වේ.

අවසන් යාවත්කාලීන කිරීම (2015 ජූනි 01 වෙනි සදුදා, 04:49)