NEWS රුපියල් බිලියන අටක වියදමින් ඉදිකෙරෙන අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෘද රෝග හා හෘද උරස් ශල්‍ය වෛද්‍ය සංකීර්ණයට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල් තැබේ.                            අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම, කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍ර ඒකාබද්ධ කරමින් ප්‍රබල ආර්ථික පිම්මකට නව සංවර්ධන සැලැස්මක්...                            භූ සම්පත් කැණීම් පිළිබඳ අනුරාධපුර දිස්ත්‍රික් අධීක්ෂණ කමිටුව පිහිටුවයි.                            තරුණ ව්‍යවසායකයන් 1,000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනෙහි දෙවන අදියර සඳහා සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් සුදුසුකම්ලාභී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 500ක් තෝරා ගැනීම සඳහා අයදුම් පත් කැදවයි.(වැඩි විස්තර සදහා Notice වෙත පිවිසෙන්න)                            ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කරනු ලබන විදේශ රැකියා පොළ 2026/08/10 දින පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.                            අනුරාධපුර නව නගර වානිජ කලාපයේ දී “ අත්තම " දිස්ත්‍රික් වැඩසටහන 2026/08/08 දින සාර් ථකව පැවැත්වී ය.                            Notice: දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති කිහිපයක් සඳහා මිළ ගණන් 2026.07.31 දින දක්වා කැඳවයි.                            තඹුත්තේගම ජලසම්පාදන ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට .                            අනුරාධපුර උතුරු ජලසම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන් කැබිතිගෝලෑවේ දී අරඹයි.                             ප්ලාස්ටික් නොවන භාණ්ඩ නිෂ්පාදකයින් දිරි ගන්වන සී‍රෝ ප්ලාස්ටික් වැඩසටහන අනුරාධපුරයටත්                             අනුරාධපුර වන අලි කළමනාකරණ කමිටුව රැස්වෙයි.                             “ වාරි මහිම - අපේ උරුමය ,, වැඩසටහනට අදාල අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වෙයි.                            අනුරාධපුර ශාසනාරක්ෂක බලමණ්ඩලය රැස්වෙයි.                             තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහනේ පළමු අදියර යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 125 කට චෙක්පත් ප්‍රදානය කර යි.                            ජාත්‍යන්තර පහසුකම් සහිත නව ක්‍රීඩා සංකීර්ණයක් අනුරාධපුරයේ ඉදිකිරීමට සැලසුම්                            ව්‍යවාසයකත්ව සංවර්ධන ක්‍රියාකාරකම් වලින් අනුරාධපුරයට ශ්‍රීලංකාවෙන්ම දෙවන ස්ථානය.                            "විශ්‍රාමයට පෙර සූදානමයි සාර්ථක වැඩිහිටි දිවියයි” වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී.                           

වර්ෂාව හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 16 පුද්ගලයින් 1600කට පීඩා . සහන සැලසීම් අඛණ්ඩව
===========================================
අධික වර්ෂාව හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16 කට අයත් ග්‍රාම නිලධාරි වසම් 62 ක පවුල් 489 කට අයත් පුද්ගලයින් 1629ක් පීඩාවට පත්ව සිටී. මෙයින් පවුල් 465කට අයත් පුද්ගලයින් 1534 දෙනෙකු සුක්ෂිත මධ්‍යස්ථානවල හා ඥාති නිවෙස් රදවා ඇත. ඔවුන්ට අවශ්‍ය ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම අඛණ්ඩව සිදුකෙරෙන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විසලසූරිය මහතා සඳහන් කරයි. වියළි ආහාර හා පිසූ ආහාර අඛණ්ඩව සැපයේ. ජල ගැලීම් හේතුවෙන් අර්ධ නිවාස හානි 06ක් වාර්තා වී ඇත. ව්‍යාපාරික හානි දෙකකි.


දැනට සුරක්ෂීත මධ්‍යස්ථාන හතරක් පවත්වාගෙන යයි. ඒ අනුව හොරොව්පතාන හබගම විහාරස්ථානයේ තුල පවුල් 13කට අයත් පුද්ගලයින් 41 ක් ද , රාජාංගනය බෝධිරාජාරාම විහාරස්ථානය තුල පවුල් 9කට අයත් පුද්ගලයින් 29ක් ද , මැදවච්චිය ඉසිපතනාරාමය තුල පවුල් 13කට අයත් පුද්ගලයින් 42ක් ද, නැගෙනහිර නුවරගම් පලාතෙහි අංගපුර දහම්පාසල තුල පවුල් එකකට අයත් පුද්ගලයින් තිදෙනෙකු ද රැදී සිටී. ඉතිරි පිරිස සිය ඥාති නිවෙස් වල රැදී සිටින අතර ඔවුන්ට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය සැපයීම ප්‍රාදේශිය ලේකම්වරුන්ගෙ හා ආපදා සහන සේවා නිලධාන්ගේ මැදිහත් වීමෙන් සිදුකරනු ලබයි.


වර්ෂාව නිසා සිදු වූ ජල ගැලීම් හේතුවෙන් කහටගස්දිගිලිය , පලුගස්වැව , නැගෙනහිර නුවරගම් පලාත, පදවිය ,හොරොව්පතාන , මිහින්තලය , තඹුත්තේගම, මැදවච්චිය , කැබිතිගොල්ලෑව , කැකිරාව, මධ්‍යම නුවරගම් පලාත, පලාගල , රාජාංගනය, ගල්නෑව හා රඹෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් හි ජනතාවට පිඩා ඇති වී තිබේ.
‍මේ අතර වර්ෂාව නිසා කුඩා වැව් කිහිපයක් ද අවධානම් තත්ත්වයක පවතී. නොච්චියාගම පාලු හිරියාලේගම වැව , රඹෑව මැදගම වැව සහ කල්කන්දේගම වැව , මිහින්තලය මහ නොච්චි වැව හා රත්මල් වැටිය වැව , මහවිලච්චිය දොඩම්ගොඩ වැව , කිවුලේ වැව හා මැදවච්චිය එලිය වැව යන වැව් අවධානම් තත්ත්වයක පවතී.

 

473709541 1160115029048632 7704471603141630264 n
473134841 1160114922381976 2875079328759431849 n
474079529 1160114872381981 1842565690050811750 n
474099147 1160115069048628 1344463054626008495 n
473134841 1160114922381976 2875079328759431849 n
473361877 1160114912381977 6750958005284269402 n
473706012 1160115155715286 2572433713543979749 n
474092096 1160115099048625 1014247005769535733 n