NEWS රුපියල් බිලියන අටක වියදමින් ඉදිකෙරෙන අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෘද රෝග හා හෘද උරස් ශල්‍ය වෛද්‍ය සංකීර්ණයට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල් තැබේ.                            අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම, කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍ර ඒකාබද්ධ කරමින් ප්‍රබල ආර්ථික පිම්මකට නව සංවර්ධන සැලැස්මක්...                            භූ සම්පත් කැණීම් පිළිබඳ අනුරාධපුර දිස්ත්‍රික් අධීක්ෂණ කමිටුව පිහිටුවයි.                            තරුණ ව්‍යවසායකයන් 1,000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනෙහි දෙවන අදියර සඳහා සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් සුදුසුකම්ලාභී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 500ක් තෝරා ගැනීම සඳහා අයදුම් පත් කැදවයි.(වැඩි විස්තර සදහා Notice වෙත පිවිසෙන්න)                            ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කරනු ලබන විදේශ රැකියා පොළ 2026/08/10 දින පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.                            අනුරාධපුර නව නගර වානිජ කලාපයේ දී “ අත්තම " දිස්ත්‍රික් වැඩසටහන 2026/08/08 දින සාර් ථකව පැවැත්වී ය.                            Notice: දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති කිහිපයක් සඳහා මිළ ගණන් 2026.07.31 දින දක්වා කැඳවයි.                            තඹුත්තේගම ජලසම්පාදන ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට .                            අනුරාධපුර උතුරු ජලසම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන් කැබිතිගෝලෑවේ දී අරඹයි.                             ප්ලාස්ටික් නොවන භාණ්ඩ නිෂ්පාදකයින් දිරි ගන්වන සී‍රෝ ප්ලාස්ටික් වැඩසටහන අනුරාධපුරයටත්                             අනුරාධපුර වන අලි කළමනාකරණ කමිටුව රැස්වෙයි.                             “ වාරි මහිම - අපේ උරුමය ,, වැඩසටහනට අදාල අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වෙයි.                            අනුරාධපුර ශාසනාරක්ෂක බලමණ්ඩලය රැස්වෙයි.                             තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහනේ පළමු අදියර යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 125 කට චෙක්පත් ප්‍රදානය කර යි.                            ජාත්‍යන්තර පහසුකම් සහිත නව ක්‍රීඩා සංකීර්ණයක් අනුරාධපුරයේ ඉදිකිරීමට සැලසුම්                            ව්‍යවාසයකත්ව සංවර්ධන ක්‍රියාකාරකම් වලින් අනුරාධපුරයට ශ්‍රීලංකාවෙන්ම දෙවන ස්ථානය.                            "විශ්‍රාමයට පෙර සූදානමයි සාර්ථක වැඩිහිටි දිවියයි” වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී.                           
ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේ දී පැවැති විශේෂිත සම්බන්ධීකරණ කමිටු රැස්වීම
=============================================================
අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිලිබඳව සොයා බැලීම සඳහා විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක්, 2025/01/26 උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේ දී , ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඒ දිස්ත්‍රික්කය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හා දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන්.
මෙහිදී ඒ ඒ ආයතන මගින් දැනට ක්‍රියාත්මක කර ඇති වැඩසහන් හා ඒවයේ ප්‍රගතිය මෙන්ම මතුව ඇති ගැටළු පිළිබඳව සාකච්ඡා කෙරිණි. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳව අදහස් ඉදිරිපත් කළේ , අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතායි. පළාත් සභාවට අදාල සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන් අදහස් දැක්වීම පළාත් ප්‍රධාන ලේකම් වරුණ සමරදිවාකර මහතා ඉදිරිපත් කළේ ය.

මෙම රැස්වීමේ අධ්‍යාපන , සෞඛ්‍ය , පරිසර , වාරි මාර්ග , මාර්ග සංවර්ධන , වනජීවී , ආදී ක්ෂේත්‍ර රැසක් පිලිබඳව සාකච්ඡා කිරීම සිදු විය.
වර්තමානය වන විට රාජ්‍ය සේවය පිලිබඳව ජනතාව තුල පැහැදිලි අදහසක් නොමැති බවත්, රාජ්‍ය ආයතනයකින් සේවා ලබා ගැනීමට යාමේ දී එය කඩිනමින් ඉටුකර දීමට නොහැකි වීම සඳහා විවිධ හේතු පැවතියත් , පුරවැසියන්ට එම හේතු අදාල නොවන බවත් , ඔවුන්ට අවශ්‍ය සිය කටයුතු කඩිනමින් ඉටුකර ගැනීම බවත් , ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා. ඉදිරියේ දී සේවාවන් රැසක් ඩිජිටල්කරණය කිරීම සිදුවෙයි. එමෙන්ම ප්‍රවාහන පහසුකම් , වැටුප් වැඩිකිරිම් , සේවක පුරප්පාඩු පිරවීම්, ප්‍රවාහන පහසුකම් ආදිය රාජ්‍ය සේවය තුල වැඩි කිරිම රජයේ බලාපොරොත්තුවයි. එසේ කිරීමෙන් පසුව කඩිනම් , සුව පහසු මෙන්ම විශ්වාසවන්ත රාජ්‍ය සේවයක් ක්‍රියාත්මක විය යුතු බවයි , ජනාධිපතිතුමා සඳහන් කළේ . රාජ්‍ය ආයතන සඳහා වැය කරන මුදල් වලින් ජනතාවට නිසි සේවයක් ලබාදීම අතවශ්‍ය වන බැවින් , ඒ කෙරේ දැඩි අවධානයක් යොමුකරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේ ය. සැලකිය යුතු ප්‍රමාණයකින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරිමේ වැඩපිලිවෙළක් ද පවතින බවයි, ජනාධිපතිතුමා සදහන් කළේ.
දැනට රාජ්‍ය සේවය තුල පවතින පුරප්පාඩු සම්බන්ධයෙන් අවධානය යොමු කිරිමේ දී 30000 ක පමණ පුරප්පාඩු ඇතැයි හදුනාගෙන ඇති බවත් , ඉදිරියේ දී එම පුරප්පාඩු අවම කිරීම සදහා අලුතින් බඳවා ගැනිම් සිදුකරන බවත් , එය නිසි බඳවා ගැනීම් ක්‍රමවේද යටතේ සිදුකරන බවත් සඳහන් කළ ජනාධිපතිතුමා , වැඩිදුරටත් කියා සිටියේ , රාජ්‍ය සේවය තුලින් විශාල සේවාවක් ඉටු වුවද ඒ සඳහා වන පිරිවැය වැඩි වී ඇති බවයි. එසේ හෙයින් පිරිවැය කළමණාකරණය කිරිමේ ක්‍රියාදාමයන්ට ඉදිරියේ දී යා යුතුව තිබෙන බව ද සඳහන් කළේ ය. එකම කාර්ය සිදුකිරිම සඳහා රාජ්‍ය ආයතන කිහිපයක්ම තිබෙන තත්ත්වයක් ද නිරික්ෂණය වේ. මෙබදු දේ කළමණාකරණය කළ යුතු බව ද එතුමා පැවසී ය.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යනු සමාන්‍ය පිරිසිදු කිරිම් මට්ටමේ ක්‍රියාවලියක් නොවේ. මෙම නව වැඩපිළිවෙළ දේශපාලනමය හෝ ආණ්ඩුවක කාර්යයක් ලෙස නොසිතිය යුතුයි. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ ප්‍රධානතම අරමුණ යහපත් අකාරයට සමාජය පරිවර්තනය කිරිමක්. වන ගහනය අඩුවීම වැලැක්වීම, ජාතික ව්‍යසනයක්ව පවතින රිය අනතුරු අවම කිරිම , ආකල්පමය වශයෙන් පුද්ගල මානසිකත්වය දියුණු කිරිම යනාදීය මිට ඇතුලත් වේ. ඉදිරියේ දී පාසල් 1000ක් තෝරාගෙන ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය පිලිබඳව දැන්වත් කිරීමට සැලසුම් කර ඇතැයි ද , පාසල් 1000ක පිරියත ක්‍රමවත් කිරීමට ක්‍රියාකරන බව ද , ජනාධිපතිතුමා පැවසී ය.

ආරම්භක අදියරක් වශයෙන් නගර 50ක් තෝරාගෙන ආවේණික සංස්කෘතිය , අලංකරණය , නිසි මාර්ග නීති රීතී , ඇතුළු අකර්ශනීය නගරයකට අවශ්‍ය සියලු දේ වලින් සමන්විත අංග සම්පූර්ණ නගර බවට ඒවා පත්කරන බවයි , ජනාධිපතිවරයා සඳහන් කළේ.

මෙම රැස්වීම සංවිධානය කළේ , අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ සුගත් නයනානන්ද මහතා ඇතුළු එහි කාර්ය මණ්ඩලය යි.
 
 
 
 
 
474935883 1164970258563109 8454132325645151085 n
474087855 1164970478563087 8724783266061234456 n
474098082 1164970231896445 955620338593814862 n
474517233 1164970311896437 7077310491304833221 n
474863753 1164970361896432 1702997579856359113 n
474890786 1164970475229754 8135390942166827568 n
474947739 1164970511896417 7531544528685479285 n
474947931 1164970411896427 2344794084357996894 n
474948803 1164970171896451 6737001661848905044 n
475071136 1164970201896448 5254563573547293547 n
475109755 1164970358563099 4031979174542645112 n
image 3c4f0f2de2