ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේ දී පැවැති විශේෂිත සම්බන්ධීකරණ කමිටු රැස්වීම
=============================================================
අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිලිබඳව සොයා බැලීම සඳහා විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක්, 2025/01/26 උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේ දී , ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඒ දිස්ත්‍රික්කය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හා දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන්.
මෙහිදී ඒ ඒ ආයතන මගින් දැනට ක්‍රියාත්මක කර ඇති වැඩසහන් හා ඒවයේ ප්‍රගතිය මෙන්ම මතුව ඇති ගැටළු පිළිබඳව සාකච්ඡා කෙරිණි. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳව අදහස් ඉදිරිපත් කළේ , අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතායි. පළාත් සභාවට අදාල සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන් අදහස් දැක්වීම පළාත් ප්‍රධාන ලේකම් වරුණ සමරදිවාකර මහතා ඉදිරිපත් කළේ ය.
මෙම රැස්වීමේ අධ්‍යාපන , සෞඛ්‍ය , පරිසර , වාරි මාර්ග , මාර්ග සංවර්ධන , වනජීවී , ආදී ක්ෂේත්‍ර රැසක් පිලිබඳව සාකච්ඡා කිරීම සිදු විය.
වර්තමානය වන විට රාජ්‍ය සේවය පිලිබඳව ජනතාව තුල පැහැදිලි අදහසක් නොමැති බවත්, රාජ්‍ය ආයතනයකින් සේවා ලබා ගැනීමට යාමේ දී එය කඩිනමින් ඉටුකර දීමට නොහැකි වීම සඳහා විවිධ හේතු පැවතියත් , පුරවැසියන්ට එම හේතු අදාල නොවන බවත් , ඔවුන්ට අවශ්‍ය සිය කටයුතු කඩිනමින් ඉටුකර ගැනීම බවත් , ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා. ඉදිරියේ දී සේවාවන් රැසක් ඩිජිටල්කරණය කිරීම සිදුවෙයි. එමෙන්ම ප්‍රවාහන පහසුකම් , වැටුප් වැඩිකිරිම් , සේවක පුරප්පාඩු පිරවීම්, ප්‍රවාහන පහසුකම් ආදිය රාජ්‍ය සේවය තුල වැඩි කිරිම රජයේ බලාපොරොත්තුවයි. එසේ කිරීමෙන් පසුව කඩිනම් , සුව පහසු මෙන්ම විශ්වාසවන්ත රාජ්‍ය සේවයක් ක්‍රියාත්මක විය යුතු බවයි , ජනාධිපතිතුමා සඳහන් කළේ . රාජ්‍ය ආයතන සඳහා වැය කරන මුදල් වලින් ජනතාවට නිසි සේවයක් ලබාදීම අතවශ්‍ය වන බැවින් , ඒ කෙරේ දැඩි අවධානයක් යොමුකරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේ ය. සැලකිය යුතු ප්‍රමාණයකින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරිමේ වැඩපිලිවෙළක් ද පවතින බවයි, ජනාධිපතිතුමා සදහන් කළේ.
දැනට රාජ්‍ය සේවය තුල පවතින පුරප්පාඩු සම්බන්ධයෙන් අවධානය යොමු කිරිමේ දී 30000 ක පමණ පුරප්පාඩු ඇතැයි හදුනාගෙන ඇති බවත් , ඉදිරියේ දී එම පුරප්පාඩු අවම කිරීම සදහා අලුතින් බඳවා ගැනිම් සිදුකරන බවත් , එය නිසි බඳවා ගැනීම් ක්‍රමවේද යටතේ සිදුකරන බවත් සඳහන් කළ ජනාධිපතිතුමා , වැඩිදුරටත් කියා සිටියේ , රාජ්‍ය සේවය තුලින් විශාල සේවාවක් ඉටු වුවද ඒ සඳහා වන පිරිවැය වැඩි වී ඇති බවයි. එසේ හෙයින් පිරිවැය කළමණාකරණය කිරිමේ ක්‍රියාදාමයන්ට ඉදිරියේ දී යා යුතුව තිබෙන බව ද සඳහන් කළේ ය. එකම කාර්ය සිදුකිරිම සඳහා රාජ්‍ය ආයතන කිහිපයක්ම තිබෙන තත්ත්වයක් ද නිරික්ෂණය වේ. මෙබදු දේ කළමණාකරණය කළ යුතු බව ද එතුමා පැවසී ය.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යනු සමාන්‍ය පිරිසිදු කිරිම් මට්ටමේ ක්‍රියාවලියක් නොවේ. මෙම නව වැඩපිළිවෙළ දේශපාලනමය හෝ ආණ්ඩුවක කාර්යයක් ලෙස නොසිතිය යුතුයි. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ ප්‍රධානතම අරමුණ යහපත් අකාරයට සමාජය පරිවර්තනය කිරිමක්. වන ගහනය අඩුවීම වැලැක්වීම, ජාතික ව්‍යසනයක්ව පවතින රිය අනතුරු අවම කිරිම , ආකල්පමය වශයෙන් පුද්ගල මානසිකත්වය දියුණු කිරිම යනාදීය මිට ඇතුලත් වේ. ඉදිරියේ දී පාසල් 1000ක් තෝරාගෙන ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය පිලිබඳව දැන්වත් කිරීමට සැලසුම් කර ඇතැයි ද , පාසල් 1000ක පිරියත ක්‍රමවත් කිරීමට ක්‍රියාකරන බව ද , ජනාධිපතිතුමා පැවසී ය.
ආරම්භක අදියරක් වශයෙන් නගර 50ක් තෝරාගෙන ආවේණික සංස්කෘතිය , අලංකරණය , නිසි මාර්ග නීති රීතී , ඇතුළු අකර්ශනීය නගරයකට අවශ්‍ය සියලු දේ වලින් සමන්විත අංග සම්පූර්ණ නගර බවට ඒවා පත්කරන බවයි , ජනාධිපතිවරයා සඳහන් කළේ.
මෙම රැස්වීම සංවිධානය කළේ , අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්යක්ෂ සුගත් නයනානන්ද මහතා ඇතුළු එහි කාර්ය මණ්ඩලය යි.