වර්ෂාව හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 16 පුද්ගලයින් 1600කට පීඩා . සහන සැලසීම් අඛණ්ඩව
===========================================
අධික වර්ෂාව හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16 කට අයත් ග්‍රාම නිලධාරි වසම් 62 ක පවුල් 489 කට අයත් පුද්ගලයින් 1629ක් පීඩාවට පත්ව සිටී. මෙයින් පවුල් 465කට අයත් පුද්ගලයින් 1534 දෙනෙකු සුක්ෂිත මධ්‍යස්ථානවල හා ඥාති නිවෙස් රදවා ඇත. ඔවුන්ට අවශ්‍ය ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම අඛණ්ඩව සිදුකෙරෙන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විසලසූරිය මහතා සඳහන් කරයි. වියළි ආහාර හා පිසූ ආහාර අඛණ්ඩව සැපයේ. ජල ගැලීම් හේතුවෙන් අර්ධ නිවාස හානි 06ක් වාර්තා වී ඇත. ව්‍යාපාරික හානි දෙකකි.
දැනට සුරක්ෂීත මධ්‍යස්ථාන හතරක් පවත්වාගෙන යයි. ඒ අනුව හොරොව්පතාන හබගම විහාරස්ථානයේ තුල පවුල් 13කට අයත් පුද්ගලයින් 41 ක් ද , රාජාංගනය බෝධිරාජාරාම විහාරස්ථානය තුල පවුල් 9කට අයත් පුද්ගලයින් 29ක් ද , මැදවච්චිය ඉසිපතනාරාමය තුල පවුල් 13කට අයත් පුද්ගලයින් 42ක් ද, නැගෙනහිර නුවරගම් පලාතෙහි අංගපුර දහම්පාසල තුල පවුල් එකකට අයත් පුද්ගලයින් තිදෙනෙකු ද රැදී සිටී. ඉතිරි පිරිස සිය ඥාති නිවෙස් වල රැදී සිටින අතර ඔවුන්ට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය සැපයීම ප්‍රාදේශිය ලේකම්වරුන්ගෙ හා ආපදා සහන සේවා නිලධාන්ගේ මැදිහත් වීමෙන් සිදුකරනු ලබයි.
වර්ෂාව නිසා සිදු වූ ජල ගැලීම් හේතුවෙන් කහටගස්දිගිලිය , පලුගස්වැව , නැගෙනහිර නුවරගම් පලාත, පදවිය ,හොරොව්පතාන , මිහින්තලය , තඹුත්තේගම, මැදවච්චිය , කැබිතිගොල්ලෑව , කැකිරාව, මධ්‍යම නුවරගම් පලාත, පලාගල , රාජාංගනය, ගල්නෑව හා රඹෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් හි ජනතාවට පිඩා ඇති වී තිබේ.
මේ අතර වර්ෂාව නිසා කුඩා වැව් කිහිපයක් ද අවධානම් තත්ත්වයක පවතී. නොච්චියාගම පාලු හිරියාලේගම වැව , රඹෑව මැදගම වැව සහ කල්කන්දේගම වැව , මිහින්තලය මහ නොච්චි වැව හා රත්මල් වැටිය වැව , මහවිලච්චිය දොඩම්ගොඩ වැව , කිවුලේ වැව හා මැදවච්චිය එලිය වැව යන වැව් අවධානම් තත්ත්වයක පවතී.













