මල්වතු ඔයේ ජල මට්ටම වැඩිවෙයි. ජලව ගලා ඒම නිසා අනුරාධුර නගරය අවට ස්ථාන කිහිපයක යම් අවහිරතාවයක්..
=====================
මල්වතු ඔයේ ජල මට්ටම වැඩිවීමත් සමඟ අනුරාධපුර නගරාශ්‍රිතව ස්ථාන කිහිපයකින් ජලය පිටාර යාම නිසා අවහිරතා මතුව තිබේ. මේ වන විට ජල මට්ටම තරමක් අඩුවෙමින් පවතී. මේ පිලිබඳව සොයා බැලීම සඳහා අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා අබේසේකර මහත්මිය අද සවස එම ස්ථාන වෙත පැමිණියා.
මේ අතර නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශිය ලේකම් සම්පත් ධර්මදාස මහතා සඳහන් කළේ, අවශ්‍යතාව පරිදි මේ වන විටත් අපහසුතාවට පත් වූ පිරිස් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම සිදුකරන බවයි.
නගරාශ්‍රිතව මල්වතු ඔය ආසන්නයේ පදිංචි පිරිස් වලට අවධානයෙන් සිටින ලෙස අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා දැනුම් දෙයි.












