මිහින්තලේ අඩු ආදායම්ලාභී පවුලකට නිවසක්.
===========================
උතුරු මැද පළාත් ඉඩම්, වාරිමාර්ග, මාර්ග සංවර්ධන,ග්‍රාම සංවර්ධන, නිවාස හා කාන්තා කටයුතු අමාත්‍යාංශය මඟින් අඩු ආදායම්ලාභීන් සදහා නිවාස සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ පහක මුදල් ආධාර මත මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුංචිකුලම වසමේ කේ.නිර්මලී පෙරේරා මහත්මියට නිවසක් ඉදිකර දුන් අතර 2025.01.30 දින පෙ.ව.7.47 ට යෙදුන සුබ මොහොතින් ගෙට ගෙවදීම සිදුවිය.
මෙය 2024 වර්ෂයේ මුල් ගල් තබන ලදී . ඉදිකිරිමේ පුරෝගාමීව කටයුතු කලේ මිහින්තලේ ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම සංවර්ධන නිලධාරීව සිට තිරප්පනේ ප්‍රදේශීය ලේකම් කාර්යාලයට ස්ථාන මරු ලැබු වයි.ජී. දමයන්ති මහත්මිය යි.
මෙම අවස්ථාව සදහා මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් අනුරුද්ධ නායක බණ්ඩාර ,සහකාර ප්‍රාදේශීය ලේකම් කුමාර චන්ද්‍රගුප්ත , පරිපාලන ග්‍රාම නිලධාරි ජයන්ත සෙනෙවිරත්න , මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරි කරන ග්‍රාම සංවර්ධන නිලධාරී තුමිය, ග්‍රාම නිලධාරි, සංවර්ධන නිලධාරී, ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් නිලධාරී තුමිය, සුනීත්තා කුමාරිහාමි ,ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු කුංචිකුලම සදහිරු ග්‍රාම සංවර්ධන සමිතියේ යන මහත්ම මහත්මින් සහභාගී වූහ.
තොරතුරු අනුග්‍රහය - රෝෂිණි ගමගේ











