නිදහස් දින අනුරාධපුර සැමරුම හා පුනරුදයේ පාගමන
========================================
අභීමානවත් 77 වන නිදහස් සැමරුමට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික් නිදහස් සැමරුම අද උදෑසන අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේ දී පැවැත්වීණි. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පී.ඩී.එන්.කේ . පලිහේන , මහාචාර්ය සේන නානායක්කාර, පලාත් ප්‍රධාන ලේකම් රංජන් ජයසිංහ , දිස්ත්‍රක් ලේකම් රංජිත් විමලසූරිය යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් රැසකගේ ප්‍රධානත්වයෙන්.
ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කිරිමෙන් අනතුරුවයි , නිදහස් සැමරුම ආරම්භ වූයේ. පිළිගැනීමේ කතාව කළේ , අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා යි. පී.ඩී.එන්.කේ.පලිහේන මහතා ද සභාව ඇමතී ය.
ශාන්ත ජෝසප් විද්‍යාලය ඇතුළු අනුරාධපුර විද්‍යාල කිහිපයක තූර්යවාදක කණ්ඩයම් ද නිදහස් උත්සවය සඳහා එක්ව සිටියහ.
පලාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් හා පලාත් සභාව , දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, අනුරාධපුර මහ නගර සභාව මෙන්ම තවත් රාජ්‍ය ආයතන රැසක සහයෝගීත්වයෙන් සංවිධානය වූ මෙම නිදහස් සැමරුමේ දී “ පුනරුදයේ පා ගමන ,, නමින් පා ගමනක් ද සංවිධානය කර තිබුණි. මෙහිදී අනුරධපුර නගරය වටා කිලෝමීටර් පහක පමණ දුරක් ගමන් කලේ , 1500ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන්.
මෙම පා ගමන සඳහා ඇවිදීමේ තරඟ වලින් ජය ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු ද එක්ව සිටිම විශේෂත්වයක්. පා ගමන අවසානයේ ඔවුන්ට තිලණ ප්‍රදානය කිරීමක් ද සිදු විය.
උතුරු මැද පලාත් ප්‍රධාන ලේකම් රංජන් ජයසිංහ , පලාත්නා සමුපකාර අමාත්‍යංශයේ ලේකම් ප්‍රසන්න මදනායක , අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන සන්ධ්‍යා අබේසේකර හා ශාමිලා වික්‍රමආරච්චි ,නාගරික කොමසාරිස් නිශාන්ත රෝයි , නැගෙනහිර නුවරගම් පලාත ප්‍රාදේශිය ලේකම් සම්පත් රෝහණ ධර්මදාස , ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ සුගත් නයනානන්ද , පලාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ගයාන් වන්නිනායක යන මහත්වරුන් , ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ නිලධාරින් මෙන්ම රාජ්‍ය ආයතන රැසක නිලධාරීන් , පාසල් දරුවන් පිරිසක් , ගුරුභවතුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.
























