NEWS රුපියල් බිලියන අටක වියදමින් ඉදිකෙරෙන අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෘද රෝග හා හෘද උරස් ශල්‍ය වෛද්‍ය සංකීර්ණයට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල් තැබේ.                            අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම, කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍ර ඒකාබද්ධ කරමින් ප්‍රබල ආර්ථික පිම්මකට නව සංවර්ධන සැලැස්මක්...                            භූ සම්පත් කැණීම් පිළිබඳ අනුරාධපුර දිස්ත්‍රික් අධීක්ෂණ කමිටුව පිහිටුවයි.                            තරුණ ව්‍යවසායකයන් 1,000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනෙහි දෙවන අදියර සඳහා සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් සුදුසුකම්ලාභී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 500ක් තෝරා ගැනීම සඳහා අයදුම් පත් කැදවයි.(වැඩි විස්තර සදහා Notice වෙත පිවිසෙන්න)                            ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කරනු ලබන විදේශ රැකියා පොළ 2026/08/10 දින පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.                            අනුරාධපුර නව නගර වානිජ කලාපයේ දී “ අත්තම " දිස්ත්‍රික් වැඩසටහන 2026/08/08 දින සාර් ථකව පැවැත්වී ය.                            Notice: දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති කිහිපයක් සඳහා මිළ ගණන් 2026.07.31 දින දක්වා කැඳවයි.                            තඹුත්තේගම ජලසම්පාදන ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට .                            අනුරාධපුර උතුරු ජලසම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන් කැබිතිගෝලෑවේ දී අරඹයි.                             ප්ලාස්ටික් නොවන භාණ්ඩ නිෂ්පාදකයින් දිරි ගන්වන සී‍රෝ ප්ලාස්ටික් වැඩසටහන අනුරාධපුරයටත්                             අනුරාධපුර වන අලි කළමනාකරණ කමිටුව රැස්වෙයි.                             “ වාරි මහිම - අපේ උරුමය ,, වැඩසටහනට අදාල අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වෙයි.                            අනුරාධපුර ශාසනාරක්ෂක බලමණ්ඩලය රැස්වෙයි.                             තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහනේ පළමු අදියර යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 125 කට චෙක්පත් ප්‍රදානය කර යි.                            ජාත්‍යන්තර පහසුකම් සහිත නව ක්‍රීඩා සංකීර්ණයක් අනුරාධපුරයේ ඉදිකිරීමට සැලසුම්                            ව්‍යවාසයකත්ව සංවර්ධන ක්‍රියාකාරකම් වලින් අනුරාධපුරයට ශ්‍රීලංකාවෙන්ම දෙවන ස්ථානය.                            "විශ්‍රාමයට පෙර සූදානමයි සාර්ථක වැඩිහිටි දිවියයි” වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී.                           

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින් පිරිසකට කෘත්‍රීම බුද්ධිය ගැන පාඩමක්
=========================================================
කෘතිම බුද්ධි තාක්ෂණය(AI) පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ පුහුණු වැඩ සටහනක් පෙබරවාරි මස 13 දින අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයී ය පරිගණක විද්‍යාගාරයේ දී පැවැත්වීණි. මෙහි සමාරම්භක අවස්ථාවේ, ප්‍රධානත්වය දරූ යේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා යි.
කෘතිම බුද්ධිය භාවිතයෙන් රාජ්‍ය සේවය තුළ කාර්යක්ෂම වර්ධනයක් අපෙක්ෂාවෙන් මෙම වැඩසටහන දියත්කරන බව දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසුරිය මෙහි දී පැවැසී ය. එසේම ජනතාවට සේවා සැපයිමේ දී වඩාත් කාර්යක්ෂමව හා නිවැරදිව කටයුතු කිරිමට අවශ්‍ය තාක්ෂණික සාක්ෂරතාවය මේ ඔස්සේ වර්ධනය කර ගත යුතු බවත්, තම දැනුම මේ ඔස්සේ වර්ධනය කර ගැනිම රාජකාරි ජිවිතයට මෙන්ම පෞද්ගලික ජිවිතයට වැදගත් බවත් ඒ මහතා වැඩිදුරටත් කී ය.
මෙහි දි කෘතිම බුද්ධිය භාවිතය පිළිබදව ඇති මුලික කරුණු රැසක් පිලිබඳව අවබෝධ කරගැනීමට මීට එක් වූ රාජ්‍ය නිලධාරින් පිරිසට හැකියාව ලැබිණි . එසේම මේ හරහා ඉදිරියේ දි විවිධ කටයුතු සිදුකරගැනිමට සේවා සැපයිමට අවශ්‍ය මූලික ප්‍රවේශය මෙහදී නිලධාරී පිරිසට දැනගන්නට හැකි විය. කෘතිම බුද්ධිය භාවිතය පිළිබද සම්පත් දායකත්වය සපයන ලද්දේ රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඩබ්.ඒ.එන්.ඩී. විජේසිංහ මහතා යි.
දිස්ත්‍රික් ලේකම්තුමාගේ මගපෙන්විම මත මෙම වැඩසටහන සම්බන්ධීකරණය කළේ , සහකාර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න යසරත්න මහතා යි.
මෙම අවස්තාව සදහා ජාතික පොලිස් කොමිසන් සභාවේ උතුරුමැද පළාත් අධ්‍යක්ෂ ඒ. අබ්දුල් සමදු , දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තාක්ෂණ නිලධාරීන්, තවත් රාජ්‍ය ආයතන කිහිපයක නිලධාරින් ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.

 

https://www.facebook.com/share/v/19tSrYkmzH/

 

475687428 1177162467343888 4553454944822545640 n 1
475705997 1177162357343899 4739666955403343790 n
475741686 1177162404010561 3836910364593853837 n
476442002 1177162457343889 7016418908243543142 n
476463984 1177162334010568 5754238309054332746 n
476645574 1177162394010562 5697641206848511441 n
477443204 1177162420677226 4641890012862744052 n