NEWS රුපියල් බිලියන අටක වියදමින් ඉදිකෙරෙන අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෘද රෝග හා හෘද උරස් ශල්‍ය වෛද්‍ය සංකීර්ණයට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල් තැබේ.                            අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම, කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍ර ඒකාබද්ධ කරමින් ප්‍රබල ආර්ථික පිම්මකට නව සංවර්ධන සැලැස්මක්...                            භූ සම්පත් කැණීම් පිළිබඳ අනුරාධපුර දිස්ත්‍රික් අධීක්ෂණ කමිටුව පිහිටුවයි.                            තරුණ ව්‍යවසායකයන් 1,000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනෙහි දෙවන අදියර සඳහා සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් සුදුසුකම්ලාභී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 500ක් තෝරා ගැනීම සඳහා අයදුම් පත් කැදවයි.(වැඩි විස්තර සදහා Notice වෙත පිවිසෙන්න)                            ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කරනු ලබන විදේශ රැකියා පොළ 2026/08/10 දින පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.                            අනුරාධපුර නව නගර වානිජ කලාපයේ දී “ අත්තම " දිස්ත්‍රික් වැඩසටහන 2026/08/08 දින සාර් ථකව පැවැත්වී ය.                            Notice: දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති කිහිපයක් සඳහා මිළ ගණන් 2026.07.31 දින දක්වා කැඳවයි.                            තඹුත්තේගම ජලසම්පාදන ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට .                            අනුරාධපුර උතුරු ජලසම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන් කැබිතිගෝලෑවේ දී අරඹයි.                             ප්ලාස්ටික් නොවන භාණ්ඩ නිෂ්පාදකයින් දිරි ගන්වන සී‍රෝ ප්ලාස්ටික් වැඩසටහන අනුරාධපුරයටත්                             අනුරාධපුර වන අලි කළමනාකරණ කමිටුව රැස්වෙයි.                             “ වාරි මහිම - අපේ උරුමය ,, වැඩසටහනට අදාල අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වෙයි.                            අනුරාධපුර ශාසනාරක්ෂක බලමණ්ඩලය රැස්වෙයි.                             තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහනේ පළමු අදියර යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 125 කට චෙක්පත් ප්‍රදානය කර යි.                            ජාත්‍යන්තර පහසුකම් සහිත නව ක්‍රීඩා සංකීර්ණයක් අනුරාධපුරයේ ඉදිකිරීමට සැලසුම්                            ව්‍යවාසයකත්ව සංවර්ධන ක්‍රියාකාරකම් වලින් අනුරාධපුරයට ශ්‍රීලංකාවෙන්ම දෙවන ස්ථානය.                            "විශ්‍රාමයට පෙර සූදානමයි සාර්ථක වැඩිහිටි දිවියයි” වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී.                           

තවත් රාජ්‍ය නොවන සංවිධානයකින් අනුරාධපුරයට සහය
======================================
රාජ්‍ය නොවන ආයතනයක් වන Chrysalis ආයතනය විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරිමට සැලසුම්කර ඇති ව්‍යාපෘතීන් පිළිබදව අනුරාධපුර දිසාපතිවරයා ඇතුලු රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා පැවැත්විණි. රැස්වීම පැවැත්වුනේ , අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී යි.
2015 වර්ෂයේ ආරම්භ වූ Chrysalis ආයතනය දේශිය ආයතනයක් වශයෙන් ක්‍රියාත්මක වේ. කාන්තාවන් හා තරුණ තරුණියන් ගේ සංවර්ධන, ගැටුම් නිරාකරණය, සාමය යනාදීය මුලික කරගෙන මෙම ආයතනය කටයුතු කරන අතර ආහාර සුරක්ෂිතතාව ආදි කරුණු පිලිබදවත් අවධානය යොමු කරයි. ලංකාව තුල දිස්ත්‍රික් 17 ක් තුල මෙම ආයතනය ස්වකීය සේවාවන් පවත්වාගෙන යයි. එසේම දේශිය පමණක් නොව විදේශියව පමණක් නොව විදේශීයව ද වැඩසටහන් ක්‍රියාත්මක කරන මෙම රාජ්‍ය නොවන ආයතනය කෙටිකාලින, දිගු කාලීන ව්‍යාපෘතීන් කිහිපක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරිමට අපේක්ෂා කරයි. මේ සදහා යුරෝපා සංගමයේ සහය හිමි වේ.
දිස්ත්‍රික්කය තුල ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරිමේ දී තොරාගන්නා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස පිළිබඳව නිසි අධ්‍යයනයක් විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සිදුවිය යුතුයි. එසේම එකම කොට්ඨාසයන්ට සිමා නොවි ප්‍රතිලාභ ලැබිය යුතුම පිරිස් සොයාගානිම සිදුකල යුතුයි. ව්‍යාපෘතිය සිදුකිරිමට පහසුම තැන තෝරාගැනී නොව ම නොව අවශ්‍යම තැනට එම උපකාර ලැබිම තුලින් වඩාත් ඵලදායී ප්‍රතිඵල ලගාකර ගත හැකි බව මෙහි දි දිස්ත්‍රික් ලේකම් රජිත් විමලසුරිය මහතා පැවසී ය.
ව්‍යපෘතීන් පිළිබඳව පැහැදිලි කිරිම් සිදු කළේ , ක්රිසසලීස් ආයතනයේ ව්‍යාපෘති කළමණාකාර සිරාජ් මුරුගම මහතා ඇතුලු පිරිසයි.
මෙම අවස්තාව සදහා අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන සන්ධ්‍යා අබේසේකර, ශාමිලා වික්‍රමආරච්චි යන මහත්මින් ඇතුළුව ක්ෂේත්‍රයට අදලා නිලධාරීන් පිරිසක් එක්වූහ.

 

475516965 1177159007344234 4741562383313005845 n 1
475770912 1177158960677572 2452476060131165487 n
476365186 1177159120677556 5300240049899048259 n
479491140 1177159074010894 4605319183958920154 n
479494354 1177159010677567 7224383050209950446 n
479719426 1177159017344233 6378232590930148110 n