අනුරාධපුර ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානවල 2025 වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම පිලිබඳ සාකච්ඡාව
=================================================================
අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ රාජ්‍ය නොවන සංවිධාන 2025 වර්ෂය සදහා ඉදිරිපත් කළ , ක්‍රියාකාරී සැලැස්ම පිළිබද විශේෂ සාකච්ජාවක් ඊයේ (13) දින පැවැත්විණි. ඒ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් , දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි ය.
ප්‍රමුඛතා හඳුනාගෙන කර්යයන් සැලසුම් කරනගන්නා ලෙසත් , ඉන් පසුව ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලෙසත් , දිසාපතිවරයා මෙහි දී කියා සිටියා. විශේෂයෙන් අධ්‍යාපනය , පෝෂණය , මත්ද්‍රව්‍ය නිවාරණය වැනි කරුණු සමග ගණුදෙනු කිරිමේ දි වඩාත් වඩාත් ප්‍රායෝගික ව්‍යාපෘති ක්‍රියාත්මක කළයුතු බවයි , දිසාපතිවරයාගේ යෝජනාව වූයේ . දැනුවත් කිරිම් පමණක් නොවන අයුරින් එදා සිට අද දක්වාම රාජ්‍ය නොවන ආයතන ඇතුලු බොහෝ දෙනාගේ උපකාර අනුරාධපුර දිස්ත්‍රික්කයට ලැබුණ ද එයින් යම් ඉදිරිගමනක් අප පැමිණ සිටී ද යන්න පසුවිපරම් කිරිම සුදුසු බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසුරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය. එසේම රාජ්‍ය යාන්ත්රණයට ලඟාවිය නොහැකි බොහෝ තැන්වලට රාජ්‍ය නොවන සංවිධානවලට ලගාවිය හැකියි. ප්‍රදේශයන් තෝරාගන්නා විට ද විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව. වැඩසටහන් සැලසුම් කළ යුතුයි. සැමට සේවාව ලැබෙන අයුරින් ව්යාපෘතන් දියත් කිරිම තුලින් දිස්ත්‍රික්කයේ දියුණුවට එය ඉවහල් වෙයි. මැදිහත් විය යුතු අවස්ථාවන් හි මේ සදහා මැදිහත් වී, ජනතාව දිස්ත්‍රික්කය වෙනුවෙන් මේ කරන්නා වු සේවාව, කටයුත්ත පිළිබද සතුටු වන බවත්, අපිට දිස්ත්‍රික්කයක් වශයෙන් අධ්‍යාපනිකව , සෞඛමත්ව, ආර්ථිකමත්ව නැගි සිටිමට අවශ්‍ය සියලු මග පෙන්විම, මැදිහත් විම රාජ්‍ය යාන්ත්‍රණය ඔස්සේ ලබාදෙන බවත් දිසා ලේකම් වරයා වැඩි දුරටත් සදහන් කලා.
රාජ්‍ය නොවන සංවිධාන වෙන් වෙන්ව මෙහි දි තම ක්‍රියාකාරී සැලැස්ම පිළිබද කරුණු ඉදිරිපත් කළ අතර, ඒ සදහා ඇති ගැටළු තත්වයන් ද සාකච්ජාවට බදුන් විය. මෙමගින් සෘජු ප්රතිලාභ අදාල පුද්ගලයින් හෝ පවුල් වෙතම ලබා දිමට කටයුතු කිරිම යහපතට හේතුවන බවයි, පැමිණ සිටි පිරිසේ අදහස වුයේ.
ක්‍රියාකාරී සැලැස්ම පිළිබද විශේෂ සාකච්ජාව සංවිධානය හා සම්බන්ධිකරණය සිදු කරන්නේ රාජ්‍ය නොවන සංවිධාන දිස්ත්‍රික් සම්බන්ධිකාරකවරුන් වන සුමිත් රත්නායක හා එච්.එම්. අබේරත්න යන මත්වරුන් විසිනි.
මෙම අවස්ථාව සදහා අතිරේක දිස්ත්‍රික් ලේකම් ශාමිලා වික්‍රමආරච්චි මහත්මිය ඇතුලු රාජ්‍ය නොවන සංවිධාන රැසකගේ ප්‍රධානීන් සම්බන්ධ වුහ.











