NEWS රුපියල් බිලියන අටක වියදමින් ඉදිකෙරෙන අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෘද රෝග හා හෘද උරස් ශල්‍ය වෛද්‍ය සංකීර්ණයට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල් තැබේ.                            අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම, කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍ර ඒකාබද්ධ කරමින් ප්‍රබල ආර්ථික පිම්මකට නව සංවර්ධන සැලැස්මක්...                            භූ සම්පත් කැණීම් පිළිබඳ අනුරාධපුර දිස්ත්‍රික් අධීක්ෂණ කමිටුව පිහිටුවයි.                            තරුණ ව්‍යවසායකයන් 1,000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනෙහි දෙවන අදියර සඳහා සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් සුදුසුකම්ලාභී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 500ක් තෝරා ගැනීම සඳහා අයදුම් පත් කැදවයි.(වැඩි විස්තර සදහා Notice වෙත පිවිසෙන්න)                            ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කරනු ලබන විදේශ රැකියා පොළ 2026/08/10 දින පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.                            අනුරාධපුර නව නගර වානිජ කලාපයේ දී “ අත්තම " දිස්ත්‍රික් වැඩසටහන 2026/08/08 දින සාර් ථකව පැවැත්වී ය.                            Notice: දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති කිහිපයක් සඳහා මිළ ගණන් 2026.07.31 දින දක්වා කැඳවයි.                            තඹුත්තේගම ජලසම්පාදන ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට .                            අනුරාධපුර උතුරු ජලසම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන් කැබිතිගෝලෑවේ දී අරඹයි.                             ප්ලාස්ටික් නොවන භාණ්ඩ නිෂ්පාදකයින් දිරි ගන්වන සී‍රෝ ප්ලාස්ටික් වැඩසටහන අනුරාධපුරයටත්                             අනුරාධපුර වන අලි කළමනාකරණ කමිටුව රැස්වෙයි.                             “ වාරි මහිම - අපේ උරුමය ,, වැඩසටහනට අදාල අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වෙයි.                            අනුරාධපුර ශාසනාරක්ෂක බලමණ්ඩලය රැස්වෙයි.                             තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහනේ පළමු අදියර යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 125 කට චෙක්පත් ප්‍රදානය කර යි.                            ජාත්‍යන්තර පහසුකම් සහිත නව ක්‍රීඩා සංකීර්ණයක් අනුරාධපුරයේ ඉදිකිරීමට සැලසුම්                            ව්‍යවාසයකත්ව සංවර්ධන ක්‍රියාකාරකම් වලින් අනුරාධපුරයට ශ්‍රීලංකාවෙන්ම දෙවන ස්ථානය.                            "විශ්‍රාමයට පෙර සූදානමයි සාර්ථක වැඩිහිටි දිවියයි” වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී.                           

අනුරාධපුර ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානවල 2025 වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම පිලිබඳ සාකච්ඡාව
=================================================================
අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ රාජ්‍ය නොවන සංවිධාන 2025 වර්ෂය සදහා ඉදිරිපත් කළ , ක්‍රියාකාරී සැලැස්ම පිළිබද විශේෂ සාකච්ජාවක් ඊයේ (13) දින පැවැත්විණි. ඒ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් , දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි ය.
ප්‍රමුඛතා හඳුනාගෙන කර්යයන් සැලසුම් කරනගන්නා ලෙසත් , ඉන් පසුව ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලෙසත් , දිසාපතිවරයා මෙහි දී කියා සිටියා. විශේෂයෙන් අධ්‍යාපනය , පෝෂණය , මත්ද්‍රව්‍ය නිවාරණය වැනි කරුණු සමග ගණුදෙනු කිරිමේ දි වඩාත් වඩාත් ප්‍රායෝගික ව්‍යාපෘති ක්‍රියාත්මක කළයුතු බවයි , දිසාපතිවරයාගේ යෝජනාව වූයේ . දැනුවත් කිරිම් පමණක් නොවන අයුරින් එදා සිට අද දක්වාම රාජ්‍ය නොවන ආයතන ඇතුලු බොහෝ දෙනාගේ උපකාර අනුරාධපුර දිස්ත්‍රික්කයට ලැබුණ ද එයින් යම් ඉදිරිගමනක් අප පැමිණ සිටී ද යන්න පසුවිපරම් කිරිම සුදුසු බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසුරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය. එසේම රාජ්‍ය යාන්ත්‍රණයට ලඟාවිය නොහැකි බොහෝ තැන්වලට රාජ්‍ය නොවන සංවිධානවලට ලගාවිය හැකියි. ප්‍රදේශයන් තෝරාගන්නා විට ද විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව. වැඩසටහන් සැලසුම් කළ යුතුයි. සැමට සේවාව ලැබෙන අයුරින් ව්‍යාපෘතන් දියත් කිරිම තුලින් දිස්ත්‍රික්කයේ දියුණුවට එය ඉවහල් වෙයි. මැදිහත් විය යුතු අවස්ථාවන් හි මේ සදහා මැදිහත් වී, ජනතාව දිස්ත්‍රික්කය වෙනුවෙන් මේ කරන්නා වු සේවාව, කටයුත්ත පිළිබද සතුටු වන බවත්, අපිට දිස්ත්‍රික්කයක් වශයෙන් අධ්‍යාපනිකව , සෞඛමත්ව, ආර්ථිකමත්ව නැගි සිටිමට අවශ්‍ය සියලු මග පෙන්විම, මැදිහත් විම රාජ්‍ය යාන්ත්‍රණය ඔස්සේ ලබාදෙන බවත් දිසා ලේකම් වරයා වැඩි දුරටත් සදහන් කලා.
රාජ්‍ය නොවන සංවිධාන වෙන් වෙන්ව මෙහි දි තම ක්‍රියාකාරී සැලැස්ම පිළිබද කරුණු ඉදිරිපත් කළ අතර, ඒ සදහා ඇති ගැටළු තත්වයන් ද සාකච්ජාවට බදුන් විය. මෙමගින් සෘජු ප්‍රතිලාභ අදාල පුද්ගලයින් හෝ පවුල් වෙතම ලබා දිමට කටයුතු කිරිම යහපතට හේතුවන බවයි, පැමිණ සිටි පිරිසේ අදහස වුයේ.
ක්‍රියාකාරී සැලැස්ම පිළිබද විශේෂ සාකච්ජාව සංවිධානය හා සම්බන්ධිකරණය සිදු කරන්නේ රාජ්‍ය නොවන සංවිධාන දිස්ත්‍රික් සම්බන්ධිකාරකවරුන් වන සුමිත් රත්නායක හා එච්.එම්. අබේරත්න යන මත්වරුන් විසිනි.
මෙම අවස්ථාව සදහා අතිරේක දිස්ත්‍රික් ලේකම් ශාමිලා වික්‍රමආරච්චි මහත්මිය ඇතුලු රාජ්‍ය නොවන සංවිධාන රැසකගේ ප්‍රධානීන් සම්බන්ධ වුහ.

 

475123792 1177160744010727 549167682342462512 n 1
475241059 1177160717344063 6368804693479636616 n
476372229 1177160607344074 4534601687117788659 n 1
476643475 1177160547344080 5142290978581804737 n 1
476888461 1177160627344072 3756128284843753540 n 1
480022168 1177160764010725 5168377911770634270 n