උපුල්දෙණිය ධාන්‍ය ගබඩාව සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාව
======================================
ගලෙන්බිදුණුවැව උපුල්දෙනිය ධාන්‍ය ගබඩාව නිරික්ෂණය සදහා පසුගියදා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසුරිය මහතා ඇතුලු පිරිසක් එහි පැමිණියා.
ගොවීන්ගේ ධාන්‍ය සුරකුම් මධ්‍යස්ථානයක් වශයෙන් භාවිතා කරන මෙම ධාන්‍ය ගබඩාව අළුත්වැඩියා කිරිම, ආදායම් උත්පාදන ව්‍යාපෘතියක් ලෙස සුර්ය පැනල සවිකිරීම ම, සේවක ගැටළු, වන අලින්ගෙන් ආරක්ෂාකර ගැනිම ආදි කරුණු රාශියක් මෙහිදී සාකච්ඡා කළේ ය.
නව කළමණාකාරිත්වයක් යටතේ වඩා විධිමත් ආකාරයට ඉදිරියේ දි ගොවීන්ගේ ධාන්‍ය සුරකුම් මධ්‍යස්ථානයක් වශයෙන් ගොවින්ට සහන සැලසිමට අවශ්‍ය කටයුතු සුදානම් කරන ලෙස මෙහි දි දිසාපතිවරයා පැවැසි ය. එසේම පුහුණු විම් ආදිය අවැසි නම් ඒ සදහා ද අවස්ථාවක් සලසා දිය හැකි බවත් වැඩිදුරටත් දැන්විය.
මුදල් අමාත්‍යංශයේ නිලධාරින් කිහිපෙදනෙක් ද zoom තාක්ෂණය ඔස්සේ මීට සම්බන්ධ වූහ. මෙම ගොවින්ගේ පහසුව සදහා ඉදිකළ ගබඩාවක් බවත්, හුදෙක් ලාභ ඉපයිම අරමුණු කරගෙන ඉදි වූවක් නොවන නිසාත් විධිමත්ව ඉදිරියේ දි උපුල්දෙනිය ගොවීන්ගේ ධාන්‍ය සුරකුම් මධ්‍යස්ථානයක් වශයෙන් මෙය ක්‍රියාත්මක කිරිමට අවැසි යොජනා රැසක් ද මෙහිදී ඉදිරිපත් විය.
මෙම අවස්ථාව සදහා අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා අබේසේකර, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ හරිත නිමලනන්ද, ප්‍රධාන ගණකාධිකාරි ඊ.එමි.සී හේරත්,ප්‍රධාන ඉංජිනේරු ශාලික ඒකනායක,ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් කැලුම් දිසානායක මහතා ඇතුලු රාජ්‍ය නිලධාරින් පිරිසක් හා ප්‍රාදේශිය සංවර්ධන බැංකුවේ සහකාර අධක්ෂක කේ. ජයන්ත ධර්මප්‍රිය, ගබඩා කළමණාකරු බි.එල්. අමරසිංහ යන මහත්ම මහත්මීන් සහ ගොවි සංවිධාන සභාපති වරුන් ද එක් වුහ.













