ජය ශ්රී මහා බෝධි සංවර්ධන අරමුදලේ සම්බන්ධයෙන් අග්රාමාත්ය තුමියගේ ප්රධානත්වයෙන් පැවැති සාකච්ඡාව
=======================================================================
අනුරාධපුර ජය ශ්රී මහා බෝධි සංවර්ධන අරමුදල පිළිබද සාකච්ජාවක් ඊයේ (23) දින බෝමළුව විහාරස්ථානයේ දී පැවැත්විණි. ඒ අති ගෞරවාර්හ අටමස්ථානාධිපති අචාර්ය පුජ්යස පල්ලේගම හේමරතන ස්වාමින් වහන්සේ ඇතුලු අටමස්ථානාධිපති ස්වාමින් වහන්සේලා ගේ අනුශාසනා පරිදි අග්රාමාත්ය හරීණි අමරසුරිය මැතිතුමියගේ ප්රනධානත්වයෙනු යි , මෙම රැස්වීම පැවැත්වුනේ.
ශ්රී් ලංකා ප්රජාතාත්ත්රික සමාජවාදි ජන රජයේ පාර්ලිමේන්තුව මගින් 2006 අංක 41 දරන පනත තුලින් අනුරාධපුර ජය ශ්රීන මහා බෝධි සංවර්ධන අරමුදලේ ( සංස්ථාගත කිරිමේ) සමාජිකයින් පත්කිරිම අග්රාමාත්ය වරයා සතුයි. වර්තමාන රජයේ අග්රාමාත්ය තුමිය මේ පිළිබදව දැනුවත් කිරිම මෙහි දි සිදු විය. මෙහි දි ජය ශ්රී මහා බෝධි සංවර්ධන අරමුදලේ සමාජිකත්වයට වත්මන් දිසාපති රංජිත් විමලසිරිය මහතා පත්කිරිමද අගමැතිතුමිය අතින් සිදු විය.
ජය ශ්රීද මහා බෝධි සංවර්ධන අරමුදලේ පරමාර්ථ, සමාජිකයින් පත්කිරිම, වර්ථමාන සමාජිකත්වය දරන පිරිස් හා ඉදිරි කටයුතු පිළිබදව සාකච්ජා කිරිම හා අග්රාදමාත්යය තුමිය දැනුවත් කිරිම මෙහි දි සිදු විය. අති ගෞරවාර්හ අටමස්ථානාධිපති ආචාර්ය පුජ්යා පල්ලේගම හේමරතන ස්වාමින් වහන්සේගේ විසින් ජය ශ්රීු මහා බෝධි සංවර්ධන අරමුදල පිළිබද හැදින්විම සිදු කල අතර, අනුශාසනය සිදු කළේ , ලංකාරාමාධිකාරි පූජ්යය රැළපනාවේ ධම්ම ජෝති ස්වාමින් වහන්සේ විසිනි.
මේ අවස්ථාව සදහා පාර්ලිමෙන්තු මන්ත්රි පී.ඩී.එන්.කේ. පලිහේන මහතා, ජය ශ්රී් මහා බෝධි සංවර්ධන අරමුදලේ වත්මන් සමාජිකයින්ඇ, දිස්ත්රික් බෞද්ධ කටයුතු සමායෝජක සෙනෙවිරත්න මහතා ඇතුලු පිරිසක් එක්වුහ.











