උතුරු මැද අලි මිනිස් ගැටුම පාලනයට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමට පියවර
===================================================
උතුරු මැද පලාත තුල අලි මිනිස් ගැටුම අවම කිරීම සදහා වන ක්රියාකාරකම් වල පසුගිය දෙසතිය තුල සිදුකරන ලද ක්රියාකාරකමක් වුයේ අලි සැරිසරන ප්රදේශ, දැනට ඇති අලි වැට, වනාන්තර ප්රදේශ හා මුර කුටි ඉදිකිරීම GIS තාක්ෂණය යොදා ගනිමින් සිතියම් ගත කිරීමයි . මෙම කාර්ය අනුරාධපුර , පොලොන්නරුව දිස්ත්රික් ලේකම් කාර්යාල වල, අනුරාධපුර වන ජීවී කාර්යාලයේ හා ක්ෂේත්රයේ ස්ථාන වල සිදු කළේ ය.
මෙම ඩිජිටල් සිතියම්ගත කරණය ආරම්භ කර ඇත්තේ විල්පත්තුව ප්රදේශයෙන්. ඒ අනුව ඩිජිටල් සිතියම්ගත කරණය හරහා අලි මිනිස් ගැටුම පාලනයට ගත හැකි ක්රියාමාර්ග පිලිබඳව ඉදිරියේ දී සාර්ථක අත්හදා බැලීම් සිදුකිරිමට අරමුණයි.
මේ සම්බන්ධයෙන් වන ක්රියාකාරකම් අඛණ්ඩව සිදුකරන බව , උතුරු මැද පළාත් ආණ්ඩුකාර ලේකම් විජය වනසිංහ මහතා සඳහන් කළේ ය.










