NEWS රුපියල් බිලියන අටක වියදමින් ඉදිකෙරෙන අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෘද රෝග හා හෘද උරස් ශල්‍ය වෛද්‍ය සංකීර්ණයට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල් තැබේ.                            අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම, කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍ර ඒකාබද්ධ කරමින් ප්‍රබල ආර්ථික පිම්මකට නව සංවර්ධන සැලැස්මක්...                            භූ සම්පත් කැණීම් පිළිබඳ අනුරාධපුර දිස්ත්‍රික් අධීක්ෂණ කමිටුව පිහිටුවයි.                            තරුණ ව්‍යවසායකයන් 1,000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනෙහි දෙවන අදියර සඳහා සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් සුදුසුකම්ලාභී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 500ක් තෝරා ගැනීම සඳහා අයදුම් පත් කැදවයි.(වැඩි විස්තර සදහා Notice වෙත පිවිසෙන්න)                            ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කරනු ලබන විදේශ රැකියා පොළ 2026/08/10 දින පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.                            අනුරාධපුර නව නගර වානිජ කලාපයේ දී “ අත්තම " දිස්ත්‍රික් වැඩසටහන 2026/08/08 දින සාර් ථකව පැවැත්වී ය.                            Notice: දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති කිහිපයක් සඳහා මිළ ගණන් 2026.07.31 දින දක්වා කැඳවයි.                            තඹුත්තේගම ජලසම්පාදන ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට .                            අනුරාධපුර උතුරු ජලසම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන් කැබිතිගෝලෑවේ දී අරඹයි.                             ප්ලාස්ටික් නොවන භාණ්ඩ නිෂ්පාදකයින් දිරි ගන්වන සී‍රෝ ප්ලාස්ටික් වැඩසටහන අනුරාධපුරයටත්                             අනුරාධපුර වන අලි කළමනාකරණ කමිටුව රැස්වෙයි.                             “ වාරි මහිම - අපේ උරුමය ,, වැඩසටහනට අදාල අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වෙයි.                            අනුරාධපුර ශාසනාරක්ෂක බලමණ්ඩලය රැස්වෙයි.                             තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහනේ පළමු අදියර යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 125 කට චෙක්පත් ප්‍රදානය කර යි.                            ජාත්‍යන්තර පහසුකම් සහිත නව ක්‍රීඩා සංකීර්ණයක් අනුරාධපුරයේ ඉදිකිරීමට සැලසුම්                            ව්‍යවාසයකත්ව සංවර්ධන ක්‍රියාකාරකම් වලින් අනුරාධපුරයට ශ්‍රීලංකාවෙන්ම දෙවන ස්ථානය.                            "විශ්‍රාමයට පෙර සූදානමයි සාර්ථක වැඩිහිටි දිවියයි” වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී.                           

ජාතික පොසොන් උත්සවය සදහා වන කමිටු රැස්වීම
=======================================================================
අවාර්ෂිකව පවත්වන ජාතික පොසොන් උත්සවය සදහා වන කමිටු රැස්වීම ඊයේ දින පැවැත්විණි . ඒ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දි, අටමස්ථානාධිපති, ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ නුවර කළාවිය ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමිපාණන් වහන්සේ ඇතුලු අටමස්ථානාධිපති නාහිමිවරුන්ගේ අනුශාසනයෙන් හා වැඩමවීමෙන් දිස්ත්‍රික් ලේකම්, පොසොන් උත්සව කමිටුවේ සභාපති කේ.ජී.ආර්.විමලසූරිය මහතාගේ හා ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. “අනු බුදු දහමින් ලොවම නිවේවා..!” යන්න මෙවර පොසොන් උත්සවයේ තේමාව යි. .20‍25.06.10 වන දිනට පොසොන් පොහොය යෙදී ඇත. ඒ අනුව, 2025 ජූනි මස 07 දින සිට 2025 ජුනි මස 13 දින දක්වා කාලය පොසොන් සතිය ලෙස නම්කර තිබේ . 2025.06.06 වන දින ඉසුරුමුණි රජමහා විහාරස්ථානයෙන් පැන් පෙරහැර ආරම්භ වී මහමෙව්නා උයනේ පිහිටා ඇති සති පිරිත් මණ්ඩපයේ දී පිරිත් පේ කිරීම සිදු කිරීමෙන් අනතුරුව 2025.06.07 වන දින සිට සති පිරිත් පිංකම ආරම්භ වේ. මෙවරත් රුවන්වැලි සෑ මළුවේ දී සිදු කරන සර්ව රාත්‍රික හේවිසි පූජාව පැවැත්වීම සාකච්ඡා විය.

එසේම භක්ති ගීත, ජලය, විදුලිය, සනිපාරක්ෂක පහසුකම්, අනාරක්ෂිත ගස් ඉවත්කිරිම, වෙළද ප්‍රචාරණ , ජීවිතාරක්ෂක සේවා සහ ආපදා වැළැක්වීම, ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ආවරණය, සැරසිලි, දන්සල් , සුරාසැල් හා මස්කඩ වැසීම, පරිසරය, ආරක්ෂාව, දුමායනය හා ඩෙංගුමර්ධන වැඩ සටහන් ,ආදි පිලිබදව මුලික කරුණු සාකච්ඡා කිරිම මෙහි දි සිදුකරන ලදි . දන්සැල් යම් නියාමනයකට අනුව සිදු කල යුතු බවත් එසේ නෙවුන හොත් ප්‍රධාන මාර්ගයන් අවහිර විම තුලින් දැඩි මාර්ග තදබදයක් ඇතිවිම සිදු විය හැකි බවත් පොලීසිය සදහන් කළේ ය. . ජංගම දුරකතන මෘදුකාන්ගයක් මගින් සියල්ල දැනුවත් කරන බවත් අනාවරණය විය . ඒ තුලින් මාර්ග තද බදය, දන්සල්, වහාන නැවතුන් පොළ, විකල්ප මාර්ග ආදිය දැනුවත් විය හැකි බවත් සදහන් විය. එය අනුරාධපුරට පිවිසිමට පෙර සිදු කර ගත හැකි නම් වඩාත් ඵලදායක බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා සදහන් කළේ ය . විශේෂ දුමිරිය ගමන් හා අනුරාධපුර - මිහින්තලය නොමිලයේ දුම්රියත් මෙවර යෙදවිමට අපේක්ෂාකරන බව මෙහි දි සාකච්ජා විය.

නව තාක්ෂණය ද යොදා ගනිමින් මෙවර ජාතික පොසොන් උත්සවය වෙනුවෙන් පැමිණෙන දහස් සංඛ්‍යාත බැතිමතුන් වෙනුවෙන් පහසුකම් සැපයිමට කටයුතු සැලසුම් කරන බවත් ඒ සදහා සියලු රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන ඇතුලු පාර්ශවකරුවන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවත් දිස්ත්‍රික් ලේකම්, පොසොන් උත්සව කමිටුවේ සභාපති කේ.ජී.ආර්.විමලසූරිය මහතා සදහන් කළේ ය . එසේම පරිසරය පිළිබදව මුල සිටම අවධානයෙන් කටයුතු කල යුතු බවත් ඒ සදහා පරිසරය සුරැකිම පිළිබදව බැතිමතුන් දැනුවත් කිරිම සිදුකලයුතු බවත්, ජල බොතල් වෙනුවට ජලසම්පාදන මණ්ඩලය මගින් ලබා දෙන ජලය පිළිබද සහතිකයක් ලබා දිය හැකි නම් ප්ලාස්ටික් බොතල් ප්‍රමාණය අවම කරගත හැකි බවත් දිස්ත්‍රික් ලේකම් වරයා වැඩි දුරටත් කියා සිටියා. එතුමා කියා සිටියේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල මගින් ලබා දෙන කැම පාර්සල් ආදිය සියල්ලම පොලිතීන් වලින් තොරව ලබා දෙන බවත්, එය අන් අයටත් ආදර්ශයක් වනු ඇති බවත් ය . කෙසේ වෙතත් පරිසරය හා කැලා කසල කලමණාකරණය පිළිබදව විශේෂ වැඩ සටහන් ක්‍රියාත්මක බවත් ඒ සදහා “ක්ලීන් ශ්‍රී ලංකා,, වැඩසටහන සහයෝගය දැක්විමට කැමත්ත පලකර ඇති බවත් සදහන් කලා.

ජාතික පොසොන් උත්සවය පිළබදව රටම බලා සිටිනවා. අපිට අපේ කාර්ය භාරය සුළුකොට තැකිය නොහැකියි . මෙවර පැමිණෙන බැතිමතුන්ට උපරිම අයුරින් පහසුකම් සැලසිය යුතුයි. අනුරාධපුරයට පැමිණෙනවාත් සමගම බැතිමතුන්ට මේ සම්බන්ධයෙන් දැනන ආකාරයේ වටපිටාවක් පැවැතිය යුතුයි. අනුරාධපුර නගරයේ වෙළද ආයතන දැනුවත් කිරිම , සැරසිලි හා සන්දර්ශනාත්මක දෑ නැතුව මෙය පුණ්‍ය භුමියක් ලෙස හැගවෙන ආකාරයේ සැරසිලි සිදු කිරිම සම්බන්ධව සිතන්නට අවශ්‍ය යි. . මෙය පිංකමක්, අපට බුදුදහම හදුන්වා දුන් අනුබුදු මිහිදු හිමියන්ට කරන ගෞරවයක් වශයෙන් හැඟීමක් ඇති කරගෙන පැමිණෙන බැතිමතුන් සේම මෙහි සිටින බැතිමතුන් කටයුකලයුතු බව අටමස්ථානාධිපති, ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ නුවර කළාවිය ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමිපාණන් වහන්සේ සදහන් කලහ. මෙම අවස්ථාව සදහා අතිරේක දිස්ත්‍රික් ලෙක්ම් වරුන් වන සන්ධ්‍යා අබේසේකර , ශාමිල වික්‍රමආරච්චි, සහකාර දිස්‍ත්‍රික් ලේකම් ප්‍රසන්න යසරත්න, පරිපාලන නිලධාරි ධම්මිකා පල්ලේවත්ත, ප්‍රාදේශිය ලේකම් වරුන් , පලාත් වාරි මාර්ග අධ්‍යක්ෂ ඇතුළු රාජ්‍ය නිලධාරින්, බැංකු නියෝජිතයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින්, දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක මංජුල සෙනවිරත්න, ආරක්ෂක අංශ නිලධාරින් ඇතුලු පිරිසක් සහභාගි වුහ.

480554366 1184621499931318 2461846322572952241 n
480666091 1184621449931323 7554879303920743122 n
480849057 1184621223264679 4559045630397407447 n
480911733 1184621173264684 4383748523615604463 n