NEWS රුපියල් බිලියන අටක වියදමින් ඉදිකෙරෙන අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෘද රෝග හා හෘද උරස් ශල්‍ය වෛද්‍ය සංකීර්ණයට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල් තැබේ.                            අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම, කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍ර ඒකාබද්ධ කරමින් ප්‍රබල ආර්ථික පිම්මකට නව සංවර්ධන සැලැස්මක්...                            භූ සම්පත් කැණීම් පිළිබඳ අනුරාධපුර දිස්ත්‍රික් අධීක්ෂණ කමිටුව පිහිටුවයි.                            තරුණ ව්‍යවසායකයන් 1,000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනෙහි දෙවන අදියර සඳහා සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් සුදුසුකම්ලාභී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 500ක් තෝරා ගැනීම සඳහා අයදුම් පත් කැදවයි.(වැඩි විස්තර සදහා Notice වෙත පිවිසෙන්න)                            ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කරනු ලබන විදේශ රැකියා පොළ 2026/08/10 දින පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.                            අනුරාධපුර නව නගර වානිජ කලාපයේ දී “ අත්තම " දිස්ත්‍රික් වැඩසටහන 2026/08/08 දින සාර් ථකව පැවැත්වී ය.                            Notice: දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති කිහිපයක් සඳහා මිළ ගණන් 2026.07.31 දින දක්වා කැඳවයි.                            තඹුත්තේගම ජලසම්පාදන ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට .                            අනුරාධපුර උතුරු ජලසම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන් කැබිතිගෝලෑවේ දී අරඹයි.                             ප්ලාස්ටික් නොවන භාණ්ඩ නිෂ්පාදකයින් දිරි ගන්වන සී‍රෝ ප්ලාස්ටික් වැඩසටහන අනුරාධපුරයටත්                             අනුරාධපුර වන අලි කළමනාකරණ කමිටුව රැස්වෙයි.                             “ වාරි මහිම - අපේ උරුමය ,, වැඩසටහනට අදාල අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වෙයි.                            අනුරාධපුර ශාසනාරක්ෂක බලමණ්ඩලය රැස්වෙයි.                             තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහනේ පළමු අදියර යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 125 කට චෙක්පත් ප්‍රදානය කර යි.                            ජාත්‍යන්තර පහසුකම් සහිත නව ක්‍රීඩා සංකීර්ණයක් අනුරාධපුරයේ ඉදිකිරීමට සැලසුම්                            ව්‍යවාසයකත්ව සංවර්ධන ක්‍රියාකාරකම් වලින් අනුරාධපුරයට ශ්‍රීලංකාවෙන්ම දෙවන ස්ථානය.                            "විශ්‍රාමයට පෙර සූදානමයි සාර්ථක වැඩිහිටි දිවියයි” වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී.                           

ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් ගල්නෑවේ පැවැති රාමඤ්ඤ මහා නිකායේ 74 වන උපසම්පදා විනයකර්මයේ සමාරම්භක උත්සවය
==========================================================
මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකා‍‍යේ , 74 වන උපසම්පදා විනයකර්මය අනුරාධපුර , ගල්නෑව , කලාවැව ප්‍රදේශයේ කලා ඔය මත සකසන ලද උදකුක්ඛේපම සීමා මාලකයේ දි අද ( 30) සවස ආරම්භ කෙරිණි. ඒ ගල්නෑව මහවැලි ක්‍රීඩාංගනයේ දි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සමාරම්භක උත්සවයෙන් අනතුරුවයි. මෙවර උපසම්පදා ලබන සාමනේර භික්ෂූන් වහන්සේ සංඛ්‍යාව හාරසියයක්.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ආරම්භ කර ඇත්තේ 1863 වසරේ දී යි. එම වර්ෂයේ ජුලි මස 13වන දින ගාල්ල මහ මෝදර උදකුක්ඛේප සීමා මාලකයේ දී අති පූජ්‍ය අඹගස්වත්තේ ඉන්දාසභවර ඤාණසාමි සරණංකර මා හිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැති උපසම්පදා විනය කර්මයත් සමඟ රාමඤ්ඤ නිකාය ද මෙරට ස්ථාපිත විය. එදා මෙදා තුර ප්‍රාදේශිය වශයෙන් සිදුකරන ලද උපසම්පදා විනය කර්මයන් ද සමඟ රාමඤ්ඤ මහා නිකායෙන් උපසම්පදා විනය කර්ම 169ක් පමණ සිදුකර තිබේ.
මෙවර පැවැත්වෙන උපසම්පදා විනය කර්මය ජුනි 30 වනදා ආරම්භ වී එළඹෙන 08 වනදා දක්වා ක්‍රියාත්මක වේ. අනුරාධපුර ප්‍රාදේශිය සංඝ සභා පහ ඇතුළුව කලාවැව ප්‍රාදේශිය සංඝ සභාව සමගින් කරඹෑව විද්‍යාධර පිරිවෙන කේන්ද්‍රව මෙම මහා පිංකම පවත්ව යි. එහි සමාරම්භක උත්සවය ගල්නෑව මහවැලි ක්‍රීඩාංගනයේ දී පැවැත්වුයේ , රාමඤ්ඤ මහා නිකායේ නායක හිමිපාණන් වහන්සේලා ඇතුළු ත්‍රෛයි නිකායික භික්ෂුන් වහන්සේ ගේ වැඩමවීමෙන්.
සමාරම්භක උත්සවයේ දී අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසුවේ , ශ්‍රී ලංකාව තුළ දිර්ඝ කාලයක් තිස්සේ බුදු දහම නොනැසී අඛණ්ඩව පැවැතීමේ රහසට මෙවන් උපසම්පදා විනය කර්ම සාක්ෂි දරන බවයි. බුදු දහම අප රට තුළ පවතින්නේ එම දහම මත ගොඩනැගුණු මහා සංස්කෘතිය හේතුවෙන්. ධර්මය මත ගොඩනැගුණු සංස්කෘතිය මත බුදු සසුන පවතී යනා දී වශයෙන් ද ජනාධිපතිතුමා කරුණු දැක්වී ය.
දීර්ඝ කාලයක් තිස්සේ ජනතාවට ධර්ම දේශනා කළ රටක් , දීර්ඝ කාලයක් තිස්සේ ධර්මය ශ්‍රවනය කරන ජනතාවක් සිටින රටක් වුවත් අද සමාජය බොහෝ සේ කඩා වැටී තිබේ. රටක පවතින භෞතික දෑ වල නැග්ම තමයි රටක සංවර්ධනය කියා සිතන්නට පුළුවන්. එහෙත් භෞතික ගොඩනැගීම් රටේ සංවර්ධනයේ එක් අංශයක් පමණයි. රටේ සංවර්ධනයේ වැදගත්ම කොටස තමයි ඒ රටේ අධ්‍යාත්මික දියුණුව කොතරම් පවතින්නේ ද කියන දේ. අනෙකා කෙරේ පවතින සහකම්පනය , කරුණාව, යනා දී ගුණාංගයන් ඉතා වැදගත්. නමුත් අපිට අද යහපත හා අයහපත වෙන්කර හදුනාගන්නට නොහැකි වී තිබේ. ධනය එක්රැස් කරගන්නේ කෙසේ ද ? කියන දේට වඩා ධනයට තමා වටිනාකමක් තිබෙන්නේ කියන සමාජයක් අද නිර්මාණය වී තිබෙනවා. බලය ලබාගන්නේ ‍කෙසේ ද? කියන දේට වඩා බලය වටිනාකමක් සේ සලකන සමාජයක් නිර්මාණය වී තිබේ. නීතියට උඩින් ජීවත් වෙන කෙනාට වටිනාකමක් තියනව කියන සමාජයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ නිසා දිර්ග කාලයක් තිස්සේ අපේ රට වටිනාකම් වෙනුවට නොවටිනාකම් , වටිනාකම් බවට පත්කරගත් සමාජයක් ගොඩනැගී තිබේ. ජාතිවාදය පැන නගින්නේ බලය ලබා ගැනීමේ පදනමක් ලෙස . මේ තත්ත්වයන් වෙනස්කර රට තුළ නිසි වටිනාකම් සහිත පරිසරයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍යයි, යනුවෙනුන් ද ජනාධිපතිවරයා පැවසී ය.
උපසම්පදා විනය කර්ම සමාරම්භක උත්සවයේ දී මහාවිහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ශාසන වංශාභිධජ , සද්ධර්මජෝතික , දර්ශන විශාරද , අග්ගමහා පණ්ඩිත , අතිපූජ්‍ය මකුළෑවේ ශ්‍රී විමලාභිධාන නායක හිමිපාණන් වහන්සේ, එම නිකායේ පූජ්‍යතර අධිකරණ ලේඛකාධිකාරී අත්තංගනේ රතනපාල නායක හිමාපණන් වහන්සේ යන හිමිපාණන් වහන්සේ විසින් අනුශාසනා පවත්වනු ලැබූහ. එහිදී උන්වහන්සේ ලා අනුශාසනා කළේ , අශ්ලීල කෙනෙකුට රටකට ආදර්ශයක් දිය නොහැකි බවයි. එම නිසා රටක් ශිලවන්ත කිරිමේ පෙරටු බලවේගය භික්ෂූන් වහන්සේ ලා . එම නිසා භික්ෂූන් වහන්සේට සමාජයට නායකත්වය දෙමින් විශාල කාර්යභාරයක් සිදුකරන්නට තිබේ , යනා දී වශයෙනි.
උපසම්පදා විනය කර්ම සමාරම්භක උත්සවයේ දී , ඊට සමගාමීව ශාසනික සේවාවන් සිදුකළ පැවිදි හා ගිහි පිරිසකට ගෞරව සම්මාන පිරිනැමීම ද සිදු විය. එහි දී චීන ජාතික Shaku Goshin , කාම්භෝජ ජාතික Chanthy Seh ධම්ම සිරි , කාම්භෝජ ජාතික ඉද්ධිමුති sang & Moeng ඥානසාර , කොරියන් ජාතික උන් ශෝන් යන හිමිවරු විශ්ව කීර්ති ශ්‍රී ලෝකත්ථචාරී යන ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ හ. මීට අමතරව මහාචාර්ය Hao Weimin මහතාට ද විශ්ව කීර්ති ශ්‍රී ලෝකත්ථචාරී ගෞරව නාමය පුද කළ අතර පිළිකුඹුරේ ගෙදර ලලිතා මහත්මිය දේශ කීර්ති ශාසන ජෝතිකා ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවා ය.
සසුන් කෙත සරුසාර කිරීමේ මහා පුණ්‍ය කර්මයක් වන උපසම්පදා ශිලය ලැබීමට සුදුසුකම් සපුරාලීම සදහා පවත්වනු ලැබූ , පටිපත්ති සංවද්ධන සභාවේ උපසම්පදාපේක්ෂක පරීක්ෂණයෙන් පළමු ස්ථානය ලබාගත් හිමිවරුන්ට සහතික පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණි.
රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ස්ථවීරයන් වහන්සේ ඇතුළු එම නිකායේ නායක හිමිපාණන් වහන්සේ ලා , තෛ‍්‍රයි නිකාය නියෝජනය කළ නායක භික්ෂූන් වහන්සේ පිරිසක් මේ අවස්ථාවට වඩම කළහ. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් , බුද්ධ ශාසන,ආගමික කටයුතු හා සංස්කෘතික අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි, වෙළද , වානිජ , ආහාර සුරක්ෂිතතා හා සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ , වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ‍වෛද්‍ය සුසිල් රණසිංහ යන මහත්වරුන්, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස , සහ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් , බෞද්ධ රටවල් කිහිපයක තනාපතිවරුන්, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය , පලාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ගාමිණි සේනාරත්න , අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා අබේසේකර , ගල්නෑව ප්‍රාදේශිය ලේකම් රංජිත් ප්‍රියදර්ශන ඇතුළු ප්‍රාදේශිය ලේකම්වරුන් කිහිපදෙනෙක් , සහකාර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න යසරත්න, රාමඤ්ඤ නිකායේ නිකාය ආරක්ෂක සභාවේ සභාපති හිටපු කතා නායක කරූ ජයසුරිය මහතා හා එම සභාවේ නිලධාරින් මෙන්ම රාජ්‍ය නිලධාරින් රැසක් , ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ නිලධාරින් , ප්‍රදේශවාසින් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

514310683 1042163634726335 8563023278283454713 n
514246939 1042163361393029 8161902333578948963 n
514275537 1042163811392984 8716326360066875637 n
514292527 1042163461393019 9054472388097322483 n
514326846 1042163774726321 6186505421089056413 n
514340002 1042163894726309 1128730849442804761 n
514344653 1042163628059669 6279653556766537776 n
514396603 1042163341393031 4543030532578491108 n
514396833 1042163368059695 8654731978529059961 n
514401366 1042163421393023 900903701638305864 n
514401598 1042163708059661 5164428484699412676 n
514408810 1042163751392990 7299953652236244569 n
514411976 1042163478059684 8172430743582768085 n
514412092 1042163834726315 6775383270729689551 n
514419496 1042163871392978 2266398016964630709 n