අනුරාධපුර දිස්ත්‍රික්කයේ වාර්ෂික රැකියා පොළ ජූලි 31 වන දා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයී ය පරිශ්‍රයේ දී.
================================================================
මිනිස්බල සහ රැකීරක්ෂා දෙපාර්තමේන්තුවත් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන “දිස්ත්‍රික් රැකියා පොළ 2025,, වැඩසටහන මෙවර ජූලි මස 31 වන දින අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වේ.
පෞද්ගලික අංශයේ රැකියා අවස්ථාවන් සදහා යොමුවීමට , ත්‍රිවිධ හමුදාවන් සදහා බදවාගැනීම් පිළිබද සම්මුඛ පරීක්ෂණ , විදේශ රැකියා පිළිබදව දැනුවත් කිරිම , වෘත්තීය පුහුණු පාඨමාලා තොරතුරු , උසස් අධ්‍යාපන අවස්ථාවන් පිළිබද විස්තර , ස්වයං රැකියා තොරතුරු , වෘත්තීය මාර්ගෝපදේශනයන් ආදී ක්ෂේත්‍ර ගණනාවක සේවාවන් ලබාගත හැකි යි.
මේ සඳහා විවිධ ක්ෂේත්රයන්හි රැකියා සපයන ආයතන 40 ට වැඩි ප්‍රමාණයක් , වෘත්තීය පුහුණු හා උසස් අධ්‍යාපන ආයතන 20 වැඩි සංඛ්‍යාවක් එදිනට සහභාගී වීමට නියමිතව ඇත.
ඔබගේ සුදුසුකම් සඳහා ගැළෙපන රැකියා අවස්ථාවක්, රජෙය් පිළිගත් වෘත්තීය පාඨමාලාවක්,උසස් අධ්‍යාපන අවස්ථාවක් සොයන ඔබ සඳහාම නොමිලේ සංවිධානය වන මෙම වැඩසටහනට ඔබට ලැබෙන අනග අවස්ථාවක් බව මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකාරක සම්පත් වාසල මහතා සඳහන් කරයි.
රැකියා පොළ වැඩසටහනට සහභාගී වීමට බලාපොරොත්තු වන ඔබ දැන්ම ඔබගේ ලියාපදිංචිය තහවුරු කිරීම සදහා පහත Link එක ඔස්සේ සම්බන්ධ විය හැකි අතර , ලියාපදිංචි වීමේ දී ලබා දී ඇති සබැදියෙහි 18 වන ප්රශ්නය සඳහා Jobseeker ලෙසත් 18.1 සඳහා දිස්ත්‍රික් රැකියා පොළ යන්නත් තෝරාගත යුතු යි.
https://docs.google.com/.../1FAIpQLSfk5rrfVEqJNq.../viewform යන සබැදිය හරහා ලියාපදිංචි වීමෙන් පසුව https://chat.whatsapp.com/L18wvI5Qsew6E4vxCqmG0Z යන සබැදිය ඔස්සේ රැකියා පොළ සම්බන්ධ වට්ස්සැප් සමූහයට එකතුවිය හැකි යි.






