NEWS රුපියල් බිලියන අටක වියදමින් ඉදිකෙරෙන අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෘද රෝග හා හෘද උරස් ශල්‍ය වෛද්‍ය සංකීර්ණයට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල් තැබේ.                            අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම, කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍ර ඒකාබද්ධ කරමින් ප්‍රබල ආර්ථික පිම්මකට නව සංවර්ධන සැලැස්මක්...                            භූ සම්පත් කැණීම් පිළිබඳ අනුරාධපුර දිස්ත්‍රික් අධීක්ෂණ කමිටුව පිහිටුවයි.                            තරුණ ව්‍යවසායකයන් 1,000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනෙහි දෙවන අදියර සඳහා සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් සුදුසුකම්ලාභී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 500ක් තෝරා ගැනීම සඳහා අයදුම් පත් කැදවයි.(වැඩි විස්තර සදහා Notice වෙත පිවිසෙන්න)                            ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කරනු ලබන විදේශ රැකියා පොළ 2026/08/10 දින පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.                            අනුරාධපුර නව නගර වානිජ කලාපයේ දී “ අත්තම " දිස්ත්‍රික් වැඩසටහන 2026/08/08 දින සාර් ථකව පැවැත්වී ය.                            Notice: දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති කිහිපයක් සඳහා මිළ ගණන් 2026.07.31 දින දක්වා කැඳවයි.                            තඹුත්තේගම ජලසම්පාදන ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට .                            අනුරාධපුර උතුරු ජලසම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන් කැබිතිගෝලෑවේ දී අරඹයි.                             ප්ලාස්ටික් නොවන භාණ්ඩ නිෂ්පාදකයින් දිරි ගන්වන සී‍රෝ ප්ලාස්ටික් වැඩසටහන අනුරාධපුරයටත්                             අනුරාධපුර වන අලි කළමනාකරණ කමිටුව රැස්වෙයි.                             “ වාරි මහිම - අපේ උරුමය ,, වැඩසටහනට අදාල අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වෙයි.                            අනුරාධපුර ශාසනාරක්ෂක බලමණ්ඩලය රැස්වෙයි.                             තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහනේ පළමු අදියර යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 125 කට චෙක්පත් ප්‍රදානය කර යි.                            ජාත්‍යන්තර පහසුකම් සහිත නව ක්‍රීඩා සංකීර්ණයක් අනුරාධපුරයේ ඉදිකිරීමට සැලසුම්                            ව්‍යවාසයකත්ව සංවර්ධන ක්‍රියාකාරකම් වලින් අනුරාධපුරයට ශ්‍රීලංකාවෙන්ම දෙවන ස්ථානය.                            "විශ්‍රාමයට පෙර සූදානමයි සාර්ථක වැඩිහිටි දිවියයි” වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී.                           

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වාර්ෂික රැකියා පොළ ජූලි 31 වන දා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයී ය පරිශ්‍රයේ දී.
================================================================
මිනිස්බල සහ රැකීරක්ෂා දෙපාර්තමේන්තුවත් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන “දිස්ත්‍රික් රැකියා පොළ 2025,, වැඩසටහන මෙවර ජූලි මස 31 වන දින අනුරාධපුර දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වේ.
පෞද්ගලික අංශයේ රැකියා අවස්ථාවන් සදහා යොමුවීමට , ත්‍රිවිධ හමුදාවන් සදහා බදවාගැනීම් පිළිබද සම්මුඛ පරීක්ෂණ , විදේශ රැකියා පිළිබදව දැනුවත් කිරිම , වෘත්තීය පුහුණු පාඨමාලා තොරතුරු , උසස් අධ්‍යාපන අවස්ථාවන් පිළිබද විස්තර , ස්වයං රැකියා තොරතුරු , වෘත්තීය මාර්ගෝපදේශනයන් ආදී ක්ෂේත්‍ර ගණනාවක සේවාවන් ලබාගත හැකි යි.
මේ සඳහා විවිධ ක්ෂේත්‍රයන්හි රැකියා සපයන ආයතන 40 ට වැඩි ප්‍රමාණයක් , වෘත්තීය පුහුණු හා උසස් අධ්‍යාපන ආයතන 20 වැඩි සංඛ්‍යාවක් එදිනට සහභාගී වීමට නියමිතව ඇත.
ඔබගේ සුදුසුකම් සඳහා ගැළෙපන රැකියා අවස්ථාවක්, රජෙය් පිළිගත් වෘත්තීය පාඨමාලාවක්,උසස් අධ්‍යාපන අවස්ථාවක් සොයන ඔබ සඳහාම නොමිලේ සංවිධානය වන මෙම වැඩසටහනට ඔබට ලැබෙන අනග අවස්ථාවක් බව මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකාරක සම්පත් වාසල මහතා සඳහන් කරයි.
රැකියා පොළ වැඩසටහනට සහභාගී වීමට බලාපොරොත්තු වන ඔබ දැන්ම ඔබගේ ලියාපදිංචිය තහවුරු කිරීම සදහා පහත Link එක ඔස්සේ සම්බන්ධ විය හැකි අතර , ලියාපදිංචි වීමේ දී ලබා දී ඇති සබැදියෙහි 18 වන ප්‍රශ්නය සඳහා Jobseeker ලෙසත් 18.1 සඳහා දිස්ත්‍රික් රැකියා පොළ යන්නත් තෝරාගත යුතු යි.
https://docs.google.com/.../1FAIpQLSfk5rrfVEqJNq.../viewform යන සබැදිය හරහා ලියාපදිංචි වීමෙන් පසුව https://chat.whatsapp.com/L18wvI5Qsew6E4vxCqmG0Z යන සබැදිය ඔස්සේ රැකියා පොළ සම්බන්ධ වට්ස්සැප් සමූහයට එකතුවිය හැකි යි.

522785888 1057697079839657 7384757060089856874 n