NEWS රුපියල් බිලියන අටක වියදමින් ඉදිකෙරෙන අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෘද රෝග හා හෘද උරස් ශල්‍ය වෛද්‍ය සංකීර්ණයට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල් තැබේ.                            අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම, කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍ර ඒකාබද්ධ කරමින් ප්‍රබල ආර්ථික පිම්මකට නව සංවර්ධන සැලැස්මක්...                            භූ සම්පත් කැණීම් පිළිබඳ අනුරාධපුර දිස්ත්‍රික් අධීක්ෂණ කමිටුව පිහිටුවයි.                            තරුණ ව්‍යවසායකයන් 1,000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනෙහි දෙවන අදියර සඳහා සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් සුදුසුකම්ලාභී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 500ක් තෝරා ගැනීම සඳහා අයදුම් පත් කැදවයි.(වැඩි විස්තර සදහා Notice වෙත පිවිසෙන්න)                            ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කරනු ලබන විදේශ රැකියා පොළ 2026/08/10 දින පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.                            අනුරාධපුර නව නගර වානිජ කලාපයේ දී “ අත්තම " දිස්ත්‍රික් වැඩසටහන 2026/08/08 දින සාර් ථකව පැවැත්වී ය.                            Notice: දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති කිහිපයක් සඳහා මිළ ගණන් 2026.07.31 දින දක්වා කැඳවයි.                            තඹුත්තේගම ජලසම්පාදන ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට .                            අනුරාධපුර උතුරු ජලසම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන් කැබිතිගෝලෑවේ දී අරඹයි.                             ප්ලාස්ටික් නොවන භාණ්ඩ නිෂ්පාදකයින් දිරි ගන්වන සී‍රෝ ප්ලාස්ටික් වැඩසටහන අනුරාධපුරයටත්                             අනුරාධපුර වන අලි කළමනාකරණ කමිටුව රැස්වෙයි.                             “ වාරි මහිම - අපේ උරුමය ,, වැඩසටහනට අදාල අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වෙයි.                            අනුරාධපුර ශාසනාරක්ෂක බලමණ්ඩලය රැස්වෙයි.                             තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහනේ පළමු අදියර යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 125 කට චෙක්පත් ප්‍රදානය කර යි.                            ජාත්‍යන්තර පහසුකම් සහිත නව ක්‍රීඩා සංකීර්ණයක් අනුරාධපුරයේ ඉදිකිරීමට සැලසුම්                            ව්‍යවාසයකත්ව සංවර්ධන ක්‍රියාකාරකම් වලින් අනුරාධපුරයට ශ්‍රීලංකාවෙන්ම දෙවන ස්ථානය.                            "විශ්‍රාමයට පෙර සූදානමයි සාර්ථක වැඩිහිටි දිවියයි” වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී.                           

අනුරධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව.
===============================
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්විම ඊයේ දින පැවැත්විණි . ඒ පළාත් සභා ශ්‍රවනාගාරයේ දි දිස්‍ත්‍රික් සංවර්ධන කමිටු සභාපති වෙළද, වාණිජ හා ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධ අමාත්‍ය වසන්ත සමරසිංහ හා උතුරු මැද පළාත් ආණ්ඩුකාරවර වසන්ත ජිනදාස යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් (වැඩ බලන) සන්ධ්‍යා එන්.ජි. අබේසේකර මහත්මිය සියළු දෙනා පිලිගැනිමෙන් අනතුරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු වල ප්‍රගතිය, ඉදිරි සංවර්ධන සැලසුම්, ගැටළු ආදිය සාකච්ජා කිරිම සිදුවිය. මෙම කමුටු රැස්විම සදහා දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය මෙන්ම සියළු රාජ්‍ය ආයතන ප්‍රධානින් සහභාගී වේ. අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්විම දිස්ත්‍රික් සැලසුම් අංශය මගින් සංවිධානය කරයි.


මෙහිදි කුඹුරු ඉඩම් ගොඩකිරිම හා වැව් රක්ෂිත අත්පත්කර ගැනිම පිලිබදව දිර්ඝ වශයෙන් සකච්ඡා කළේ ය.
අනුරාධපුර ඉදිවන නව බස්නැවතුම්පල භුමියේ පිහිටි ඉඩමක් සම්බන්ධයෙන් ඇති ගැටළුව සදහා විශේෂ කමිටුවක් පත්කර මේ පිළිබදව වාර්ථාවක් මාසක් පමණ ඇතුලත සම්බන්ධිකරණ කමිටුවට ඉදිරිපත් කරණ ලෙස වෙළද, කමිටු සභාපති වන වාණිජ ,ආහාර සුරක්ෂිතතා හා සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සභාවට දැන්විය. එසේම වැව් රක්ෂිත අල්ලා ගැනීම් වලට අදාල තොරතුරු සම්බන්ධයෙන් කටයුතු කිරිම පියවරවශයෙන් සිදු කලයුතු යි. මෙහිදි වැව් රක්ෂිත සලකුණු කිරිම පමණක් සිදුකරන්න. පසුව එම ජනතාව සමග සාකච්ජාකර යොජනා ළබාගෙන ඉදිරි කටයුතු කරමු. නුවර වැව මැන ලේඛන ගතකර එහි වාර්ථාවක් සම්බන්ධිකරන කමිටුවට ඉදිරිපත් කරන්න. එය වාරි මාර්ග හා කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ අධීක්ෂණයෙන් සිදු කරන්න, යැයි වසන්ත සමරසිහ අමාත්‍යවරයා සදහන් කළේ ය.


වන අලි ගැටළුව සදහා දිර්ගකාලින සැලැස්මක් ක්‍රියාත්මක කරන තුරු පිඩාකාරි අලින් ඉවත් කිරිම සිදු කරනවා. පරඩෑල්ලැවේ ප්‍රදේශයේ පිඩාකාරි ලෙස හැසිරුණු අලියා මේ වන විට අල්ලා අවසන්. එම අලියා විල්පත්තු අභයභුමියට මුදා හැරිමට නියමිතයි. එසේම අලි තර්ජන ඇති ගම්මානවල ග්‍රාමිය කුඩා කණ්ඩායම් පිහිටුවා ඇත. අලි වෙඩි නිකුත් කිරිම විධිමත් කරතිබේ. . දිර්ඝ කාලින සැලැස්මේ 70% ක් පමණ අවසන් බැවින් එය ක්‍රියාමක වනතුරු මුර සංචාර වැඩි කර සිදු කරන බව වනජිවි සහකාර අධ්‍යක්ෂ කීර්ති චන්ද්‍රරත්න මහතා සදහන් කලා.
විමධ්‍යගත අරමුදල යටතේ අනුරාධපුර දිස්‍ත්‍රික්කයේ ව්‍යාපෘතින් 68 ක් ලැබි ඇති අතර එයින් 60ක වැඩ ආරම්භ කර 3 ක වැඩ නිමකර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ සුගත් නයනානන්ද මහතා සදහන් කළේ ය.


මෙහි දි අදහස් දැක්වු උතුරු මැද පළාත් ආණ්ඩුකාරවර වසන්ත ජිනදාස මහතා සදහන් ක‌ළේ , පැරණි අවිධිමත් ක්‍රියා කාරකම් වල පීඩාව දැන් අපි අත්විදින නිසා , යලි එසේ නොවන්නට ඉදිරියේ දි සංවර්ධන ක්‍රියාවන්, ආදිය විධිමත් ලෙස සිදුකළ යුතු බව යි.මේ වන විට මත්ද්‍රව්‍ය භාවිය වැඩි වී ඇති බවත් එයිනුත් අයිස් මත්ද්‍රව්‍ය බෙහෙවින් වැඩි බවත් නියෝජ්‍ය පොලිස් පතිවරයා පැවැසී ය. . දිනකය වැටලිම් 150 ක් පමණ සිදුකරන බවත්, එය ප්‍රමාණවත් නොවන බවත් එ සදහා වෙනත් ක්‍රියාමාර්ගයන් ද සිදු කිරිම සුදුසු බවත් ඒ් මහතා සදහන් කළේ ය. ළමා අපචාර බොහොමක් දෙමාපියන් දැනුවත්ව සිදු වේ , ළමා අපචාර තව තවත් ඉහළ යාමේ අවධානමක් ද පවතී. වයස 16 ට අඩු යම් අවධානමක් සහිත පළාතේ දරුවන් 1580 දෙනෙකු පමණ සිටින බවත් මෙහි දි අනාවරණය විය.
අපි කෙතරම් භෞතික සංවර්ධනය පිලිබද කතා කල ද මානව සංවර්ධනය පිලිබදවත් සිතිය යුතු බවත් වාරි මාර්ග හා කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා සදහන් කළේ ය. මහජන ආරක්ෂණ කම්ටු, තරුණ සේවා සමිති ආදි ගමේ සංවිධාන මේ සදහා ක්‍රියාත්මක විය යුතුයි. ආයතන එක්ව සාකච්ජා කර සුදුසු වැඩසටහනක් අරඹමු, මානව සංවර්ධනය කෙරෙහි සමාජ ක්‍රියාකාරිත්වයන් වැඩි කරමු යැයි නියෝජය අමත්‍ය වරයා සදහන් කලා.


නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරිමට සුදානම් බවත්, එසදහා අවශ්‍ය පහසුකම් මේවන විටත් සුදානම් කරන බවත් අධ්‍යාපන බලධාරින් පැවසූහ. එසේම විදුහල්පතිවරුන් බදවා ගැනිම සදහා විධිමත් සම්මුඛ පරික්ෂණයක් මෙම මස 28,29 යන දිනයන් හි පවත්වන බවත්,අනිවාර්ය ගුරු මාරුවිම සදහා නියෝග නිකුත් කර ඇති බවත් සදහන් කලා.
මාර්ග නඩත්තුව, සෞඛ්‍ය ගැටළු, නිලධාරි හිගය,වාරිමාර්ග ව්‍යාපෘතින්, ගොවි ගැටළු, වන සත්ව හානි,සංචාරක කර්මාන්තය, හා දිස්ත්‍රික්කයේ මානව සම්පත් බලගැන්විමේ ව්‍යාපෘතින් ක්‍රියාත්මක කිරිම, ප්‍රගතිය, යොජනා ලබා ගැනිම ආදිය කරුණු ද දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්විමේ සාකච්ජාවට බදුන් විය.


මේ අවස්ථාව සදහා අනුරාධපුර පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන සේන නානායක්කාර, සුසන්තකුමාර නවරත්න, පී.ඩී.එන්.කේ පලිහේන, තිළින තාරුක සමරකෝන්, භාග්‍ය ශ්‍රී හේරත් මහතා ඇතුළු දේශපාලන අධිකාරිය, උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.ආර්.පි. ජයසිංහ මහතා ඇතුළු නිලධාරින්, අතිරේක දිස්ත්‍රික් ලේකම් ශාමිලි වික්‍රමආරච්චි මහත්මිය ඇතුලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින්, නගරාධිපති, ප්‍රාදේශිය සභා සභාපතිවරුන්, ප්‍රාදේශිය ලේකම් වරුන් ඇතුලු නිලධාරින් පිරිසක් සම්බන්ධ වුහ.

518245204 1054712633471435 5377271147560269624 n
518347534 1054711740138191 4628396667253206459 n
518520003 1054712066804825 5576681534710459268 n
518852543 1054712596804772 8507820803625037608 n
520260563 1054712363471462 8117377876869752258 n