NEWS රුපියල් බිලියන අටක වියදමින් ඉදිකෙරෙන අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෘද රෝග හා හෘද උරස් ශල්‍ය වෛද්‍ය සංකීර්ණයට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල් තැබේ.                            අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම, කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍ර ඒකාබද්ධ කරමින් ප්‍රබල ආර්ථික පිම්මකට නව සංවර්ධන සැලැස්මක්...                            භූ සම්පත් කැණීම් පිළිබඳ අනුරාධපුර දිස්ත්‍රික් අධීක්ෂණ කමිටුව පිහිටුවයි.                            තරුණ ව්‍යවසායකයන් 1,000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනෙහි දෙවන අදියර සඳහා සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් සුදුසුකම්ලාභී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 500ක් තෝරා ගැනීම සඳහා අයදුම් පත් කැදවයි.(වැඩි විස්තර සදහා Notice වෙත පිවිසෙන්න)                            ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කරනු ලබන විදේශ රැකියා පොළ 2026/08/10 දින පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.                            අනුරාධපුර නව නගර වානිජ කලාපයේ දී “ අත්තම " දිස්ත්‍රික් වැඩසටහන 2026/08/08 දින සාර් ථකව පැවැත්වී ය.                            Notice: දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති කිහිපයක් සඳහා මිළ ගණන් 2026.07.31 දින දක්වා කැඳවයි.                            තඹුත්තේගම ජලසම්පාදන ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට .                            අනුරාධපුර උතුරු ජලසම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන් කැබිතිගෝලෑවේ දී අරඹයි.                             ප්ලාස්ටික් නොවන භාණ්ඩ නිෂ්පාදකයින් දිරි ගන්වන සී‍රෝ ප්ලාස්ටික් වැඩසටහන අනුරාධපුරයටත්                             අනුරාධපුර වන අලි කළමනාකරණ කමිටුව රැස්වෙයි.                             “ වාරි මහිම - අපේ උරුමය ,, වැඩසටහනට අදාල අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වෙයි.                            අනුරාධපුර ශාසනාරක්ෂක බලමණ්ඩලය රැස්වෙයි.                             තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහනේ පළමු අදියර යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 125 කට චෙක්පත් ප්‍රදානය කර යි.                            ජාත්‍යන්තර පහසුකම් සහිත නව ක්‍රීඩා සංකීර්ණයක් අනුරාධපුරයේ ඉදිකිරීමට සැලසුම්                            ව්‍යවාසයකත්ව සංවර්ධන ක්‍රියාකාරකම් වලින් අනුරාධපුරයට ශ්‍රීලංකාවෙන්ම දෙවන ස්ථානය.                            "විශ්‍රාමයට පෙර සූදානමයි සාර්ථක වැඩිහිටි දිවියයි” වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී.                           

අනුරාධපුර ව්‍යවසායකයින්ට සේවා සැපයීමට ව්‍යාපාර සේවා මධ්‍යස්ථානක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී විවෘත කරයි.
======================================================================
අනුරාධපුර ව්‍යවසායක ව්‍යාපාර සේවා මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය ජුලි 31 දින අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි සිදුවිය. ඒ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය සහ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පී.ඩී.එන්.කේ. පලිහේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. කොරියානු රජයේ අධාර යටතේ මීට මුල්‍ය දායකත්වය සපයා ඇත්තේ Cryselis නම් වන රාජ්‍ය නොවන සංවිධානය යි.


මේ යටතේ , ව්‍යාපාරිකයාට අවශ්‍ය ව්‍යාපාරික නාම ලියාපදංචි කරදීම, ව්‍යාපාරික ව්‍යාපෘති වාර්තා සකස් කරදීම, Online marketing, බැංකු සේවා සම්බන්ධ දැනුවත් කිරීම (ණය වැඩ සටහන් ඉතිරි කිරීම් ) , මූල්‍ය ශාක්ෂරතාවය සම්බන්ධ වැඩ සටහන් , වෙළද පොළ සම්බන්ධීකරණය , පෞද්ගලික ආයතන සම්බන්ධීකරණය, වානිජ මණ්ඩලය,වෙළද සංගමය වැනි ආයතන වලින් සපයන සේවා සම්බන්ධ ව්‍යවසායකයින් දැනුවත් කිරීම, ව්‍යවසායකයින් සදහා විවිධ පුහුණු අවශ්‍යතා සපුරාලීම හා අදාල ආයතන සම්බන්ධීකරණ කරදීම, ව්‍යාපාරිකයාගේ නිෂ්පාදනයන්ට අදාල ගුණාත්මකභාවය ඉහල නංවාලීමට සහයවීම යනා දී සේවා රැසක් සැපයේ.


ආයතන රාශියකින් සිදුකරගත යුතු වැඩ එකම ස්තානයකින් කරගැනීම තුලින් කාලය මෙන්ම පිරිවැය අවම කරගැනීමට හැකි බවත්, ව්‍යාපාරකයින්ට තම කාර්යයන් සතුටින් කරගත හැකි බවත් මෙම අවස්ථාවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පී.ඩී.එන්.කේ. පලිහේන මහතා සදහන් කළේ ය. තව දුරටත් ඒ මහතා කියාසිටියේ වත්මන් රජයේ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්,, යන තේමාව තුළ ඇති දිළිඳුකම පි‍ටුදැකීම, ඩිජිටල්කරණය , ක්ලීන් ශ්‍රි ලංකා යන සංකල්ප සියල්ලම සමග මෙම වැඩසටහන ගැලපෙන බවයි. මෙම වැඩසටහන තවදුරටත් ප්‍රචලිත කර ජාතික නිෂ්පාදනයට දායකවන ව්‍යාපාරකයින් නගාසිටුවිය යුතු බව මන්ත්‍රීවරයාගේ අදහස යි.


මෙම ව්‍යාපෘතිය ‍රැකියා විරහිත තරුණ තරුණියන් ව්‍යාපාරකයින් බවට පත් කිරීමත් , අංකුර ව්‍යවසායකයින්ට හා ව්‍යාපාරිකයින්ට අදාල සියලුම සේවා සැපයීමත් අරමුණු කරගෙන ආරම්භ කරඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා මෙහි දී පැවසීය.සේවා මධ්‍යස්ථානයේ කටයුතු පවත්වාගෙන යාම සඳහා දැනටමත් නිලධාරින් 20 කට අධික සංඛ්‍යාවකට අදාල පුහුණුව ලබා දී තිබෙන බව මිට එක් වූ අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ සුගත් නයනානන්ද මහතා විසින් සදහන් කරන ලදි.දැනට දිවයින පුරා මෙම මධ්‍යස්ථාන හයක් ක්‍රියාත්මක වේ. ඒවා මොණරාගල, බදුල්ල, නුවරඑලිය, මාතලේ, කිලිනොච්චිය යන දිස්ත්‍රික්ක වල පිහිටුවා ඇත. මෙහි E-Business Registration පද්ධතිය හරහා ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම් 3000 කට ආසන්න සංඛ්‍යාවක් දැනටමත් සිදුකර තිබේ. දින තුනක් වැනි කෙටිකාලයකින් online ක්‍රමය හරහා තොරතුරු ලබාගැනිමට මේ යටතේ අවස්ථාව උදා වේ.තව ද මෙම මධ්‍යස්ථානය හරහා ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සියලුම සේවාවන් එකම වහලක් යටින් සිදුකරගත හැකි බවත් මෙය සියළුම දිස්ත්‍රික්ක වල ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බවත් මී පිලිබඳව පැහැදිකි කරමින් අහමඩ් රිස්ලාන් මහතා කියාසිටියේය.


මේ සඳහා අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් ශාමිලා වික්‍රමආරච්චි , වෙළද සංගමයේ සභාපති මිහිඳු, කුඩා ව්‍යාපාර සහකාර අධ්‍යක්ෂක උදය කුමාරි, එක්සත් ජාතින්ගේ කාන්තා සංවිධානයේ ශ්‍රි ලංකා ප්‍රධානි රමායා සල්ගාදු , chrysalis සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි අශිකා ගුණසේන , chrysalis සංවිධානයේ වැසඩටහන් අධ්‍යක්ෂක අහමඩ් රිස්ලාන්, බැංකු පද්ධතිය නියෝජනය කරමින් නිලධාරින් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල නියෝජනය කරමින් නිලධාරින් පිරිසක් සහභාගී වුහ.

514250817 1301805334879600 9164977985104539500 n
514252982 1301805354879598 1138530609302166317 n
514410669 1301805484879585 1526900343398937068 n
514410669 1301805688212898 3865447454608973132 n
515494486 1301805118212955 6637967968515844520 n
515502817 1301805674879566 1817904648046229797 n
518256118 1301805301546270 7976217634030845133 n
519745531 1301805221546278 6933434990007652590 n
525250463 1301805171546283 8836617414441801947 n
525329593 1301804981546302 7258236510938934999 n
525686536 1301804888212978 2303786230001695198 n
525784843 1301805071546293 8935587150901963276 n
526297786 1301805444879589 3288058668302889437 n