NEWS රුපියල් බිලියන අටක වියදමින් ඉදිකෙරෙන අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෘද රෝග හා හෘද උරස් ශල්‍ය වෛද්‍ය සංකීර්ණයට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල් තැබේ.                            අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම, කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍ර ඒකාබද්ධ කරමින් ප්‍රබල ආර්ථික පිම්මකට නව සංවර්ධන සැලැස්මක්...                            භූ සම්පත් කැණීම් පිළිබඳ අනුරාධපුර දිස්ත්‍රික් අධීක්ෂණ කමිටුව පිහිටුවයි.                            තරුණ ව්‍යවසායකයන් 1,000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනෙහි දෙවන අදියර සඳහා සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් සුදුසුකම්ලාභී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 500ක් තෝරා ගැනීම සඳහා අයදුම් පත් කැදවයි.(වැඩි විස්තර සදහා Notice වෙත පිවිසෙන්න)                            ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කරනු ලබන විදේශ රැකියා පොළ 2026/08/10 දින පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.                            අනුරාධපුර නව නගර වානිජ කලාපයේ දී “ අත්තම " දිස්ත්‍රික් වැඩසටහන 2026/08/08 දින සාර් ථකව පැවැත්වී ය.                            Notice: දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති කිහිපයක් සඳහා මිළ ගණන් 2026.07.31 දින දක්වා කැඳවයි.                            තඹුත්තේගම ජලසම්පාදන ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට .                            අනුරාධපුර උතුරු ජලසම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන් කැබිතිගෝලෑවේ දී අරඹයි.                             ප්ලාස්ටික් නොවන භාණ්ඩ නිෂ්පාදකයින් දිරි ගන්වන සී‍රෝ ප්ලාස්ටික් වැඩසටහන අනුරාධපුරයටත්                             අනුරාධපුර වන අලි කළමනාකරණ කමිටුව රැස්වෙයි.                             “ වාරි මහිම - අපේ උරුමය ,, වැඩසටහනට අදාල අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වෙයි.                            අනුරාධපුර ශාසනාරක්ෂක බලමණ්ඩලය රැස්වෙයි.                             තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහනේ පළමු අදියර යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 125 කට චෙක්පත් ප්‍රදානය කර යි.                            ජාත්‍යන්තර පහසුකම් සහිත නව ක්‍රීඩා සංකීර්ණයක් අනුරාධපුරයේ ඉදිකිරීමට සැලසුම්                            ව්‍යවාසයකත්ව සංවර්ධන ක්‍රියාකාරකම් වලින් අනුරාධපුරයට ශ්‍රීලංකාවෙන්ම දෙවන ස්ථානය.                            "විශ්‍රාමයට පෙර සූදානමයි සාර්ථක වැඩිහිටි දිවියයි” වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී.                           

ආබාධ සහිත වූවන් සඳහා පැවැත් වූ “ සිත් රූ -2025 " සංස්කෘතික ප්‍රසංගයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට ප්‍රථම ස්ථානය
=========================================================================
2025 අගෝස්තු 05 වන දින නෙළුම් පොකුණ රඟහලේදී පැවැත් වූ "සිත් රූ 2025" ආබාධ සහිත වූවන්ගේ ජාතික සංස්කෘතික ප්‍රසංගයෙන් අනුරාධපුර දිස්ත්‍රික් කණ්ඩායමට ප්‍රථම ස්ථානය හිමි විය. ජනාධිපති අනුරකුමාර දිසානයක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම "සිත් රූ 2025" ප්‍රසංගය වසර ගණනාවකින් පසුවයි පවත්වා ඇත්තේ.අනුරාධපුර දිස්ත්‍රික් කණ්ඩායමට ලංකාවෙන්ම ප්‍රථම ස්ථානය, දෙවන ස්ථානය රත්නපුර දිස්ත්‍රික්කයටත්, තෙවන ස්ථානය කිළිනොච්චි දිස්ත්‍රික්කයටත් හිමි විය. අනුරාධපුර දිස්ත්‍රික් කණ්ඩායම සදහා නර්ථන පුහුණුව ජයමිනී විජේවර්ධන මහත් මිය විසින් සිදුකර ඇත.


පළාත් තරගය වලින් අනුරාධපුර දිස්ත්‍රික් කණ්ඩාම විශිෂ්ඨ ජයක් ලබා ගනිමින් ජාතික තරගය ජයග්‍රහණය කර ඇත. මේ සදහා උපදෙස් හා මග පෙන්වීම අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරින් විසින් ලබා දි තිබේ.


මෙම අවස්ථාව සදහා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසුරිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් ශාමිලා වික්‍රමආරච්චි, අනුරාධපුර දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරි එස්.එන්.එච්.ටී. රත්නායක, ආබාධිත වූවන් සඳහා වූ ජාතික ලේකම් කාර්යාලයේ ලක්මිණි ලලන්තිකා හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල සමාජ සේවා නිලධාරීන් ඇතුලු පිරිසක් එක්වුහ.

528039250 1306553044404829 572234867671722637 n
528336011 1306552971071503 7434308485277762991 n
528342711 1306553094404824 9050427377523697205 n
528534633 1306553074404826 1948422061807097880 n
528803820 1306552964404837 7235889933663677354 n 1
528896526 1306552981071502 4892676499442721548 n