NEWS රුපියල් බිලියන අටක වියදමින් ඉදිකෙරෙන අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෘද රෝග හා හෘද උරස් ශල්‍ය වෛද්‍ය සංකීර්ණයට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල් තැබේ.                            අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම, කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍ර ඒකාබද්ධ කරමින් ප්‍රබල ආර්ථික පිම්මකට නව සංවර්ධන සැලැස්මක්...                            භූ සම්පත් කැණීම් පිළිබඳ අනුරාධපුර දිස්ත්‍රික් අධීක්ෂණ කමිටුව පිහිටුවයි.                            තරුණ ව්‍යවසායකයන් 1,000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනෙහි දෙවන අදියර සඳහා සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් සුදුසුකම්ලාභී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 500ක් තෝරා ගැනීම සඳහා අයදුම් පත් කැදවයි.(වැඩි විස්තර සදහා Notice වෙත පිවිසෙන්න)                            ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කරනු ලබන විදේශ රැකියා පොළ 2026/08/10 දින පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.                            අනුරාධපුර නව නගර වානිජ කලාපයේ දී “ අත්තම " දිස්ත්‍රික් වැඩසටහන 2026/08/08 දින සාර් ථකව පැවැත්වී ය.                            Notice: දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති කිහිපයක් සඳහා මිළ ගණන් 2026.07.31 දින දක්වා කැඳවයි.                            තඹුත්තේගම ජලසම්පාදන ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට .                            අනුරාධපුර උතුරු ජලසම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන් කැබිතිගෝලෑවේ දී අරඹයි.                             ප්ලාස්ටික් නොවන භාණ්ඩ නිෂ්පාදකයින් දිරි ගන්වන සී‍රෝ ප්ලාස්ටික් වැඩසටහන අනුරාධපුරයටත්                             අනුරාධපුර වන අලි කළමනාකරණ කමිටුව රැස්වෙයි.                             “ වාරි මහිම - අපේ උරුමය ,, වැඩසටහනට අදාල අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වෙයි.                            අනුරාධපුර ශාසනාරක්ෂක බලමණ්ඩලය රැස්වෙයි.                             තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහනේ පළමු අදියර යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 125 කට චෙක්පත් ප්‍රදානය කර යි.                            ජාත්‍යන්තර පහසුකම් සහිත නව ක්‍රීඩා සංකීර්ණයක් අනුරාධපුරයේ ඉදිකිරීමට සැලසුම්                            ව්‍යවාසයකත්ව සංවර්ධන ක්‍රියාකාරකම් වලින් අනුරාධපුරයට ශ්‍රීලංකාවෙන්ම දෙවන ස්ථානය.                            "විශ්‍රාමයට පෙර සූදානමයි සාර්ථක වැඩිහිටි දිවියයි” වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී.                           

අනුරාධපුර වන අලි කළමනාකරණ කමිටුව රැස්වෙයි.
=================================
මිනිස්–අලි ගැටුම අවම කිරීම, වන අලි කළමනාකරණය විධිමත්ව ක්‍රියාත්මක කිරීම සහ ජනතාවගේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීමේ අරමුණින් අනුරාධපුර දිස්ත්‍රික් වන අලි කළමනාකරණ කමිටු රැස්වීම පසුගිය (04) දින අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. මෙහි ප්‍රධානත්වය ගෙන කටයුතු කළේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, අනුරාධපුර දිස්ත්‍රික් වන අලි කළමනාකරණ කමිටුවේ සභාපති, සුසන්ත කුමාර නවරත්න මහතා යි.
මෙහි දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිනිස්–අලි ගැටුම් පවතින ප්‍රදේශ පිළිබඳ සවිස්තරාත්මක සමාලෝචනයක් සිදු කළ අතර, විදුලි වැට නඩත්තු කිරීම හා පුළුල් කිරීම, වන අලි ගමන් මාර්ග ආරක්ෂා කිරීම, ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ අදාළ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
එමෙන්ම, ගොවි ජනතාවගේ වගාවන්ට සිදුවන හානි අවම කිරීම සහ මිනිස්–අලි ගැටුම් සම්බන්ධයෙන් කඩිනම් ප්‍රතිචාර යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද අවධානය යොමු කළේ ය.
රැස්වීම අමතමින් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා සඳහන් කළේ, මිනිස්–අලි ගැටුම අවම කිරීම සඳහා සියලුම අදාළ රාජ්‍ය ආයතන අතර මනා සම්බන්ධීකරණයකින් යුතුව කඩිනම් හා ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගත යුතු බවයි. ජනතාවගේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීම මෙන්ම ගොවි ජනතාවගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීම සඳහා විසඳුම් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද ඒ මහතා මෙහිදී අවධාරණය කෙරිණි.
මෙම වැඩසටහන සදහා ප්‍රාදේශීය ලේකම්වරුන් හා ප්‍රාදේශිය සභා සභාපති වරුන් ඇතුලු පිරිසක් මාර්ග ගත ක්‍රමයට මේ හා සම්බන්ධ විය.
මෙම රැස්වීමට අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා අබේසේකර, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජිතයන්, ආරක්ෂක අංශ නියෝජිතයන්, , අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සහභාගී වූහ.

740779585 2119187775660561 5504642908896406568 n
740797514 1889115638431035 7316604752085698042 n 1
741569425 1816565582878965 8966870836201265287 n
741569425 1816565582878965 8966870836201265287 n
741569526 1027765139617230 8155946862913760963 n
742581163 1563798962118562 4278005869895049863 n