NEWS රුපියල් බිලියන අටක වියදමින් ඉදිකෙරෙන අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෘද රෝග හා හෘද උරස් ශල්‍ය වෛද්‍ය සංකීර්ණයට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල් තැබේ.                            අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම, කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍ර ඒකාබද්ධ කරමින් ප්‍රබල ආර්ථික පිම්මකට නව සංවර්ධන සැලැස්මක්...                            භූ සම්පත් කැණීම් පිළිබඳ අනුරාධපුර දිස්ත්‍රික් අධීක්ෂණ කමිටුව පිහිටුවයි.                            තරුණ ව්‍යවසායකයන් 1,000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනෙහි දෙවන අදියර සඳහා සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් සුදුසුකම්ලාභී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 500ක් තෝරා ගැනීම සඳහා අයදුම් පත් කැදවයි.(වැඩි විස්තර සදහා Notice වෙත පිවිසෙන්න)                            ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කරනු ලබන විදේශ රැකියා පොළ 2026/08/10 දින පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.                            අනුරාධපුර නව නගර වානිජ කලාපයේ දී “ අත්තම " දිස්ත්‍රික් වැඩසටහන 2026/08/08 දින සාර් ථකව පැවැත්වී ය.                            Notice: දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති කිහිපයක් සඳහා මිළ ගණන් 2026.07.31 දින දක්වා කැඳවයි.                            තඹුත්තේගම ජලසම්පාදන ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට .                            අනුරාධපුර උතුරු ජලසම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන් කැබිතිගෝලෑවේ දී අරඹයි.                             ප්ලාස්ටික් නොවන භාණ්ඩ නිෂ්පාදකයින් දිරි ගන්වන සී‍රෝ ප්ලාස්ටික් වැඩසටහන අනුරාධපුරයටත්                             අනුරාධපුර වන අලි කළමනාකරණ කමිටුව රැස්වෙයි.                             “ වාරි මහිම - අපේ උරුමය ,, වැඩසටහනට අදාල අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වෙයි.                            අනුරාධපුර ශාසනාරක්ෂක බලමණ්ඩලය රැස්වෙයි.                             තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහනේ පළමු අදියර යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 125 කට චෙක්පත් ප්‍රදානය කර යි.                            ජාත්‍යන්තර පහසුකම් සහිත නව ක්‍රීඩා සංකීර්ණයක් අනුරාධපුරයේ ඉදිකිරීමට සැලසුම්                            ව්‍යවාසයකත්ව සංවර්ධන ක්‍රියාකාරකම් වලින් අනුරාධපුරයට ශ්‍රීලංකාවෙන්ම දෙවන ස්ථානය.                            "විශ්‍රාමයට පෙර සූදානමයි සාර්ථක වැඩිහිටි දිවියයි” වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී.                           

“ වාරි මහිම - අපේ උරුමය ,, වැඩසටහනට අදාල අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වෙයි.
========================================
කෘෂිකර්ම, පසු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක "වාරි මහිම අපේ උරුමය" වැඩසටහනට අදාළ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම 2026 ජූලි 07 දින අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. මෙහි ප්‍රධානත්වය ගෙන කටයුතු කළේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතායි.
"වාරි මහිම අපේ උරුමය" ජාතික වැඩ සටහනට සමගාමිව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය වාරි මාර්ග ක්‍රම කේන්ද්‍ර කර ගනිමින් කෘෂිකාර්මික සමෘද්ධිය සහ ග්‍රාමීය ආර්ථිකය නන්වාලීම මෙම ව්‍යාපෘතියේ අරමුණු වේ. මෙදින පැවැත් වූ වැඩසටහන තුළ දී ඉහත අරමුණු ක්‍රියාත්මක කිරීමේ ප්‍රවේශයන් සහ අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ඉදිරි සම්බන්ධීකරණ කටයුතු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
මෙහි දී අදහස් දක්වමින් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා කියා සිටියේ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව පවත්වන විටදී ඒ සඳහා මෙම වැඩසටහනේ නියෝජනයක් තිබිය යුතුබවයි. එසේ ම මාස තුනකට වරක් වත් මෙවැනි දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුවක් තිබිය යුතු බවත්, වැව් සම්බන්ධව කටයුතු කිරීමේ දී වැවට අදාළ රක්ෂිත සලකුණු කිරීම කළ යුතු බවත් එහි දී කියා සිටියේ ය.
ව්‍යාපෘතිය යටතේ මෙම වසර තුළ වැව් 10 ක් තොරාගෙන වැව් 5 ක ප්‍රතිසංස්කරණයන් සම්පුර්ණයෙන්ම අවසන් කිරිමට අපේක්ෂිත යි. අවුරුදු 4 ක ව්‍යාපෘතියක් වශයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 300 ක් වැය කිරිම‍ට යොජනා වි ඇත. ඊට අමතරව මහවැලි, වාරිමාර්ග, කෘෂිකර්ම ආදි ව්‍යාපෘතිවල ඇතිවි ඇති ගැටළු වලට ද සහයදිමට හැකි බව ද මෙහි දි අනාවරණය විය.
මෙම රැස්වීම සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා අබේසේකර, “වාරි මහිම - අපේ උරුම,, ව්‍යාපෘතියේ තාක්ෂණික විශේෂඥ, ඉංජිනේරුවරු, ව්‍යාපෘතියේ ඉංජිනේරුවන් වන තිලක් රණසිංහ , කැනිසියුස් සමරසිංහ, අතුල විජේවර්ධන ඇතුලු ව්‍යාපෘතියේ නිලධාරින්, මහවැලි H කලාපයේ නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකරු එන්.කේ.එ.සී කොඩිවිර, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් කේ.එල්.එන් දසිල්වා, නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂ එස්.එම්.ජී.ඩබ්ලිව්.එම්.කේ.සලුවඩන, පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ වාරි මාර්ග දෙපාර්තමේන්තුව,කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

739699255 27565784106384898 4808922507245559043 n
740686540 1308572581448982 4113017954067431563 n
741144733 1291640119449794 6832551815494355318 n 1
741395792 4556188248038647 5922490085228348018 n
742011530 1352513197032863 7162283422093865550 n