ප්ලාස්ටික් නොවන භාණ්ඩ නිෂ්පාදකයින් දිරි ගන්වන සීරෝ ප්ලාස්ටික් වැඩසටහන අනුරාධපුරයටත්
==============================================
අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා ව්‍යවසායකයින්හට අලෙවි අවස්ථා වැඩි කිරිමත් , ප්ලාස්ටික් වලින් තොර ශ්‍රි ලංකාවක් අපේක්ෂා කිරිමත් අරමුණු කරගෙන, ප්ලාස්ටික් වෙනුවට විකල්ප භාවිතාකල හැකි දේශිය නිශ්පාදනයන් සිදු කරන ව්‍යවසායකයින් තොරාගැනිමේ සම්මුඛ පර්ක්ෂණයක් හා දැනුවත් කිරිමේ වැඩසටහනක් පසුගිය දා පැවැත්විණි. ඒ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රාවනාගාරයේ දි ය.
මෙමගින් දිස්ත්‍රික්කයේ නිර්මාණ කරුවන්ට තිබුණ ලොකු අභියෝගයක් තමයි වෙළද පොල අවස්ථාවක් නැති කම. මෙම වැඩ සටහන එයට හොද අවස්ථාවක්. ප්ලාස්ටික් පරිසරයට මුදා හැරිම සම්බන්ධව සාකච්ජා කිරිමේ දි අපි අපිට කල හැකි දේ ඒ වෙනුවෙන් සිදුකර තිබේදැයි සිතිය යුතු යි. අපි විකල්පයක් විදිහට තමයි මේ ප්ලාස්ටික් වගේ දේවල් භාවිතා කලේ. එහෙත් දැන් අපිට සිදු වෙලා තියෙන්නේ ප්ලාස්ටික් වෙනුවට විකල්ප හොයන්නයි, යනුවෙන් මෙහි දි දිසාපති වරයා අදහස් දක්වමින් කියා සිටියේ ය.
දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සුගත් නයනානන්ද මහතා ඇතුලු ක්‍රමසම්පාදන අංශය මගින් මෙම වැඩ සටහන සංවිධාන කර තිබිණි. මේ සදහා අනුහ්‍රය හා සම්පත් දායකත්වය සීරෝ ප්ලාස්ටික් ජාතික සංවිධානය විසින් සිදුකර තිබේ.
මෙසේ තොරාගන්න ව්‍යවසායකයින්ගේ නිර්මාණ සීගිරිය ප්‍රදේශයේ ඉනාමළුව, රොටවැව ඉදිකරන ලද සීරෝ ප්ලාටික් ඉන්පැක්ට් සෙන්ටර් තුලදි දේශිය මෙන්ම විදේශිය වෙළ පොළ සදහා යොමු කරයි.
දිවයින පුරා විසිරි ඇති රජයේ හා පෞද්ගලික විශ්වවිද්‍යාල නියෝජනය කරන 12,000 කට අධික ස්වේචිඡා බලකායක දායකත්වය සීරෝ ප්ලාස්ටික් සංවිධානය සතු වන අතර මෙම ස්වේච්ඡා බලකාය ප්ලාස්ටික් අවම කිරීම වෙනුවෙන් මෙන්ම ප්ලාස්ටික් භාණ්ඩ නිසා ශිල්පීන්ට සහ වෙළදපොලට ඇති තර්ජනය අවම කිරීමට ප්ලාස්ටික් නොවන භාණ්ඩ ප්‍රවර්ධනය කිරිම අරමුණු කරගෙන කටයුතු සිදු කරයි. ඒ සදහා මුලික අදියර යටතේ , දිවයින පුරා පවත්වනු ලබන සම්මුඛ පරික්ෂණ මගින් ප්ලාස්ටික් නොවන විකල්ප අත්කම් භාණ්ඩ නිෂ්පාදනය කරන දක්ෂ ශිල්පින් 250 දෙනකු තෝරාගෙන ඔවුන් සවිබලගැන්විමට කටයුතු කර ඇත. එහි එක් වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක වෙයි.
සීරෝ ප්ලාටික් මුමන්ට් ආයතනයේ නිර්මාර්තෘ නිශ්ශංක ද සිල්වා මහතා මාර්ගගත ක්‍රමය සම්බන්ධ විය.දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාපිත කර ඇති ව්‍යාපාර සේවා මධයස්ථානයේ නිලධාරින් පිරිසක්ද මේ සදහා සහභාගිවුහ.
මෙම වැඩසටහන සදහා දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සුගත් නයනානන්ද , සීරෝ ප්ලාටික් ඉන්පැක්ට් සෙන්ටර් හී සැපයුම්දාම කළමණාකරු ඉරෝෂිකා විරසිංහ, සීරෝ ප්ලාටික් සමාජයේ සභාපති රජරට විශ්වවිද්‍යාලයේ නෙත්මි ලියන ආරච්චි යන මහත්ම මහත්මින් පිරිසක් එක්වුහ.











