NEWS රුපියල් බිලියන අටක වියදමින් ඉදිකෙරෙන අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෘද රෝග හා හෘද උරස් ශල්‍ය වෛද්‍ය සංකීර්ණයට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල් තැබේ.                            අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම, කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍ර ඒකාබද්ධ කරමින් ප්‍රබල ආර්ථික පිම්මකට නව සංවර්ධන සැලැස්මක්...                            භූ සම්පත් කැණීම් පිළිබඳ අනුරාධපුර දිස්ත්‍රික් අධීක්ෂණ කමිටුව පිහිටුවයි.                            තරුණ ව්‍යවසායකයන් 1,000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනෙහි දෙවන අදියර සඳහා සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් සුදුසුකම්ලාභී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 500ක් තෝරා ගැනීම සඳහා අයදුම් පත් කැදවයි.(වැඩි විස්තර සදහා Notice වෙත පිවිසෙන්න)                            ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කරනු ලබන විදේශ රැකියා පොළ 2026/08/10 දින පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.                            අනුරාධපුර නව නගර වානිජ කලාපයේ දී “ අත්තම " දිස්ත්‍රික් වැඩසටහන 2026/08/08 දින සාර් ථකව පැවැත්වී ය.                            Notice: දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති කිහිපයක් සඳහා මිළ ගණන් 2026.07.31 දින දක්වා කැඳවයි.                            තඹුත්තේගම ජලසම්පාදන ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට .                            අනුරාධපුර උතුරු ජලසම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන් කැබිතිගෝලෑවේ දී අරඹයි.                             ප්ලාස්ටික් නොවන භාණ්ඩ නිෂ්පාදකයින් දිරි ගන්වන සී‍රෝ ප්ලාස්ටික් වැඩසටහන අනුරාධපුරයටත්                             අනුරාධපුර වන අලි කළමනාකරණ කමිටුව රැස්වෙයි.                             “ වාරි මහිම - අපේ උරුමය ,, වැඩසටහනට අදාල අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වෙයි.                            අනුරාධපුර ශාසනාරක්ෂක බලමණ්ඩලය රැස්වෙයි.                             තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහනේ පළමු අදියර යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 125 කට චෙක්පත් ප්‍රදානය කර යි.                            ජාත්‍යන්තර පහසුකම් සහිත නව ක්‍රීඩා සංකීර්ණයක් අනුරාධපුරයේ ඉදිකිරීමට සැලසුම්                            ව්‍යවාසයකත්ව සංවර්ධන ක්‍රියාකාරකම් වලින් අනුරාධපුරයට ශ්‍රීලංකාවෙන්ම දෙවන ස්ථානය.                            "විශ්‍රාමයට පෙර සූදානමයි සාර්ථක වැඩිහිටි දිවියයි” වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී.                           

අගෝස්තු මාසයට අදාල අනුරාධපුර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව රැස්වෙයි.
========================================
අගෝස්තු මාසයට අදාළ අනුරාධපුර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම 2026.08.18 දින වැඩබලන දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා අබේසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
පලමුවෙන් රැස්වීමේ දී කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාළ ව ඉදිරිපත් වී තිබූ ලිපි හා කරුණු පිළිබඳව සාකච්ඡා කෙරිණි.
මෙහි දී අදහස් දැක්වූ කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එච්. ඒ. ජයන්ත ද සිල්වා මහතා අනුරාධපුර කලාපය තුළ පවතින මහා වාරි ව්‍යාපාර 14ක් සහ මධ්‍ය වාරි ව්‍යාපාර 87ක් පිළිබඳ කරුණු ඉදිරිපත් කළේ ය. එමෙන්ම මහා වාරි ව්‍යාපාරවල ජල ධාරිතාව, වගා වපසරිය සහ වර්තමාන ජල තත්ත්වය පිළිබඳව ද මෙහි දී පැහැදිලි කෙරිණි.


2026 යල කන්නයේ අස්වනු නෙළීමේ ප්‍රගතිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ඒ සඳහා වෙන් කර ඇති වැය ශීර්ෂ පිළිබඳව ද වාරිමාර්ග අධ්‍යක්ෂවරයා විසින් අදහස් දක්වන ලදි. එමෙන්ම දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ප්‍රදේශ ආශ්‍රිතව අනුරාධපුර, පදවිය සහ රාජාංගනය කොට්ඨාසවල සිදු කළ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳවද කරුණු ඉදිරිපත් කෙරිණි.
එල්-නීනෝ තත්ත්වය හමුවේ ජලාශවල මේ වන විට පවතින ජල ප්‍රමාණය සම්බන්ධයෙන් යම් සෑහීමකට පත්විය හැකි බවත්, ඉදිරි වැසි සමය එළඹෙන තෙක් පවතින ජල ප්‍රමාණය ප්‍රමාණවත් වනු ඇති බවත් ඉංජිනේරු එච්. ඒ. ජයන්ත ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.අන්තර් පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා විසින් 2025/26 වර්ෂවලට අදාළ ජාතික වී නිෂ්පාදන යාය වැඩසටහන සහ අන්තර් පළාත් සම්බා වී ප්‍රභේදවල වගා වපසරිය පිළිබඳවද කරුණු ඉදිරිපත් කළේ ය.


පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ඉදිරි මහ කන්නයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 2,000ක බඩ ඉරිඟු වගා කිරීමට සැලසුම් කර ඇති බව දැනුම් දෙන ලදි. ඒ සඳහා පිහිටුවා ඇති බඩ ඉරිඟු නිෂ්පාදන හා අලෙවි සමූපකාර සමිති පිළිබඳවද මෙහි දී දැනුවත් කෙරිණි. එම සමිති හරහා ගොවීන්ගේ අස්වැන්න සඳහා වඩාත් හොඳ මිලක් ලබාදීම සහ නිෂ්පාදන වියදම් අවම කර වැඩි අස්වැන්නක් ලබාගැනීම අපේක්ෂා කරන බවද පැහැදිලි කළේ ය. එමෙන්ම ලොකු ළුණු සත්‍ය බීජ නිෂ්පාදනය සඳහා නව තාක්ෂණික ආදර්ශනයක් හඳුන්වාදීමට කටයුතු කරන බවද මෙහි දී ප්‍රකාශ විය.
මහවැලි H සහ H1 කලාපයන්හි කෘෂිකාර්මික ක්ෂේත්‍රය නඟා සිටුවීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වන බවත්, කෘෂිකර්ම, පශු සම්පත්, ධීවර ඇතුළු ක්ෂේත්‍ර සංවර්ධනය සඳහා ප්‍රතිපාදන වෙන්කර ඇති බව සහ පරිසර වැඩසටහන් ඇතුළු තවත් සංවර්ධන වැඩසටහන් රැසක් ද ක්‍රියාත්මක වන බව දැනුම් දෙන ලදි.


ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් 2026 යල කන්නයේ කුඹුරු ඉඩම් සඳහා පොහොර සහනාධාර ගෙවීමේ ප්‍රගතිය පිළිබඳ කරුණු ඉදිරිපත් කළ අතර, සුළු වාරිමාර්ග සහ කෘෂි මාර්ග ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙන් ම 2026 වර්ෂයේ දී අලුත්වැඩියා කිරීමට යෝජිත කෘෂි මාර්ග හා සුළු වාරිමාර්ග පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
වී අලෙවි මණ්ඩලය මගින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීමේ සහතික මිල පිළිබඳව දැනුවත් කරන ලදි. ඒ අනුව නියමිත ප්‍රමිතියෙන් යුතු වී කිලෝග්‍රෑම් එකක් සඳහා නාඩු රුපියල් 120ක්, සම්බා රුපියල් 130ක් සහ කීරි සම්බා රුපියල් 140ක් ලෙස සහතික මිල නියම කර ඇත.එක් ගොවියෙකුගෙන් උපරිම වී කිලෝග්‍රෑම් 2,500ක් මිලදී ගන්නා බවත්, වී මිටියක බර කිලෝග්‍රෑම් 50 ග්‍රෑම් 250ක් ලෙස සකස් කර තිබිය යුතු බවත් මෙහි දී දැනුම් දෙන ලදි. මිලදී ගන්නා වී සඳහා ලංකා බැංකුව මගින් ගොවීන්ගේ ගිණුම් වෙත මුදල් බැර කිරීමට කටයුතු කරන බවද සඳහන් විය. 2026 යල කන්නයේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මේ වන විට මිලදී ගෙන ඇති මුළු වී ප්‍රමාණය කිලෝග්‍රෑම් 6,044,402ක් බවද වී අලෙවි මණ්ඩලය විසින් දැනුම් දෙන ලදි.කජු සංස්ථාව මගින් මේ වන විට කජු පැළ බෙදාහැරීමේ කටයුතු වැඩි වශයෙන් සිදුකර ඇති බවත්, කජු පැළ තවාන්වල වර්තමාන තත්ත්වය පිළිබඳවත් කරුණු ඉදිරිපත් කෙරිණි.


බීජ හා බෝග සම්බන්ධ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා විසින් බිත්තර වී මිලදී ගැනීම සඳහා මේ වන විට පහසුකම් පවතින බවත්, එළවළු බීජ ප්‍රමාණවත් තොග පවතින බවත් සඳහන් කළේ ය. ගොවීන්ට කාඩ්පත් මගින් ගෙවීම් සිදුකර බීජ මිලදී ගැනීමේ පහසුකම් ද සලසා ඇති බව දැනුම් දෙන ලදි.දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජිනාදරී ලංකා මහත්මිය විසින් 2026 යල කන්නයේ වී, අතිරේක බෝග සහ එළවළු සඳහා වන වගා ඉලක්ක හා වගා ප්‍රගතිය පිළිබඳව කරුණු ඉදිරිපත් කළා ය.මෙහි දී අදහස් දැක්වූ වැඩබලන දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා අබේසේකර මහත්මිය කියා සිටියේ ගොවීන්ට සහනයක් වන අයුරින් ඉදිරිපත් වන සියලු ව්‍යාපෘති, යෝජනා සහ ගැටලු සඳහා නිලධාරීන් සමඟ එක්ව විසඳුම් ලබාදීමට කටයුතු කරන බවයි. එමෙන්ම එල්-නීනෝ තත්ත්වය හමුවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට සිදුවිය හැකි බලපෑම් හා හානි අවම කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහි දී සාකච්ඡා කෙරිණි.


ගොවි සංගම් නියෝජිතයින් විසින් අවශ්‍ය ස්ථානවලට අලි වැට කඩිනමින් ලබාදීම, බඩ ඉරිඟු වගාව සඳහා ගුණාත්මක බීජ සහන මිලට හා අවශ්‍ය පොහොර ලබාදීම, කුඹුරු ඉඩම්වල බඩ ඉරිඟු වගා කිරීම සම්බන්ධව පවතින ගැටලුකාරී තත්ත්වය, විදේශයෙන් සහල් ආනයනය කිරීම හේතුවෙන් දේශීය වී ගොවියාට සිදුවන බලපෑම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සහ අවශ්‍ය ජල මුර ලබාදීම පිළිබඳව යෝජනා ඉදිරිපත් කළහ.එල්-නීනෝ තත්ත්වය හමුවේ ජල කළමනාකරණය සම්බන්ධයෙන් ගොවීන් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීමට කටයුතු සූදානම් කරන ලෙස සාප් ව්‍යාපෘතිය නියෝජනය කරමින් සහභාගී වූ නියෝජිතයා සඳහන් කළ අතර, එලෙස සංවිධානය කෙරෙන වැඩසටහන් සඳහා අවශ්‍ය ප්‍රතිලාභ ලබාදීමට තම ආයතනය කටයුතු කරන බවද ප්‍රකාශ කළේ ය.
කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වර්තමාන ගැටලු, ඉදිරි වගා කටයුතු, ජල කළමනාකරණය, ගොවි ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීම සහ එල්-නීනෝ තත්ත්වයට මුහුණදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කරමින් මෙම දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම පැවැත්විණි.මේ සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් , කෘෂිකර්ම, වාරිමාර්ග, ගොවිජන සංවර්ධන, මහවැලි, වී අලෙවි, කජු සංස්ථාව ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන රාජ්‍ය නිලධාරීන් සහ ගොවි සංගම් නියෝජිතයින් සහභාගී වූහ.

779996033 2630210717439710 5650047034025519238 n 1
775765639 1931973660803450 4881838752399539553 n
777801287 1546399317228539 1576851348187563695 n
778231353 1063051616186832 2081168404366951422 n
778504857 1112719474623092 3630145493706821806 n
778972621 927997993695357 655049542423234293 n