“ වාරි මහිම - අපේ උරුමය ,, වැඩසටහනට අදාල අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වෙයි.
========================================
කෘෂිකර්ම, පසු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක "වාරි මහිම අපේ උරුමය" වැඩසටහනට අදාළ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම 2026 ජූලි 07 දින අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. මෙහි ප්‍රධානත්වය ගෙන කටයුතු කළේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතායි.
"වාරි මහිම අපේ උරුමය" ජාතික වැඩ සටහනට සමගාමිව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය වාරි මාර්ග ක්‍රම කේන්ද්‍ර කර ගනිමින් කෘෂිකාර්මික සමෘද්ධිය සහ ග්‍රාමීය ආර්ථිකය නන්වාලීම මෙම ව්‍යාපෘතියේ අරමුණු වේ. මෙදින පැවැත් වූ වැඩසටහන තුළ දී ඉහත අරමුණු ක්‍රියාත්මක කිරීමේ ප්රවේශයන් සහ අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ඉදිරි සම්බන්ධීකරණ කටයුතු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
මෙහි දී අදහස් දක්වමින් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා කියා සිටියේ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව පවත්වන විටදී ඒ සඳහා මෙම වැඩසටහනේ නියෝජනයක් තිබිය යුතුබවයි. එසේ ම මාස තුනකට වරක් වත් මෙවැනි දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුවක් තිබිය යුතු බවත්, වැව් සම්බන්ධව කටයුතු කිරීමේ දී වැවට අදාළ රක්ෂිත සලකුණු කිරීම කළ යුතු බවත් එහි දී කියා සිටියේ ය.
ව්‍යාපෘතිය යටතේ මෙම වසර තුළ වැව් 10 ක් තොරාගෙන වැව් 5 ක ප්‍රතිසංස්කරණයන් සම්පුර්ණයෙන්ම අවසන් කිරිමට අපේක්ෂිත යි. අවුරුදු 4 ක ව්‍යාපෘතියක් වශයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 300 ක් වැය කිරිමට යොජනා වි ඇත. ඊට අමතරව මහවැලි, වාරිමාර්ග, කෘෂිකර්ම ආදි ව්‍යාපෘතිවල ඇතිවි ඇති ගැටළු වලට ද සහයදිමට හැකි බව ද මෙහි දි අනාවරණය විය.
මෙම රැස්වීම සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා අබේසේකර, “වාරි මහිම - අපේ උරුම,, ව්‍යාපෘතියේ තාක්ෂණික විශේෂඥ, ඉංජිනේරුවරු, ව්‍යාපෘතියේ ඉංජිනේරුවන් වන තිලක් රණසිංහ , කැනිසියුස් සමරසිංහ, අතුල විජේවර්ධන ඇතුලු ව්‍යාපෘතියේ නිලධාරින්, මහවැලි H කලාපයේ නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකරු එන්.කේ.එ.සී කොඩිවිර, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් කේ.එල්.එන් දසිල්වා, නියෝජ්‍ය සැලසුම් අධ්යක්ෂ එස්.එම්.ජී.ඩබ්ලිව්.එම්.කේ.සලුවඩන, පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ වාරි මාර්ග දෙපාර්තමේන්තුව,කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.










