අනුරාධපුර නව නගර වානිජ කලාපයේ දී “ අත්තම " දිස්ත්‍රික් වැඩසටහන 2026/08/08 දින සාර් ථකව පැවැත්වී ය.
===================================================
ප්‍රජා සහභාගීත්වය තුළින් , පවිත්‍ර දේශයක් සඳහා වූ පුරවැසි මෙහෙවර “ අත්තම ,, ජාතික වැඩසටහනේ අනුරාධුපර දිස්ත්‍රික් ප්‍රධාන වැඩසටහන අද (08) අනුරාධපුර නව නගරයේ වානිජ කලාපයේ දී පැවැත්වී ය. ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ , ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යෝජනාවක් පරිදි , සහ යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණ දායකත්වය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
අනුරාධපුර මෙම වැඩසටහන සංවිධාන කර තිබුණේ , උතුරු මැද පලාත් සභාව,අනුරාධපුර මහ නගර සභාව, නැගෙනහිර නුවරගම් පලාත ප්‍රාදේශිය ලේකම් කාර්යාලය , යුද්ධ හමුදාව , ගුවන් හමුදාව ඇතුළු ආයතන ගණනාවක එක්ව යි.
උත්සව සභාව අවසානයේ සහභාගී වූ සියලුම දෙනා වානිජ කලාපයේ සියලු තැන් හි කසල ඉවත් කිරිම සිදුකරීමක් ද සිදුකළේ ය.
නගරාධිපති එන් . කරුණාරත්න , අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය , නාගරික කොමසාරිස් නිශාන්ත රෝයි , නැගෙනහිර නුවරගම් පලාත ප්‍රාදේශීය ලේකම් සම්පත් රෝහණ ධර්මදාස , ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් සමරතුංග හේරත් යන මහත්වරුන් මෙන්ම නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වූහ.
ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ , ගුවන් හමුදාවේ නිලධාරින් ඇතුළු කණ්ඩායම් , ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරින් , වෙළඳ සංගමයේ සාමාජිකයින් , මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් , ප්‍රාදේශිය ලේකම් කාර්යාල නිලධාරින්, ස්වේච්ඡා සංවිධාන වල සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම වැඩසටහන වෙනුවෙන් සහය දුන්හ.











