NEWS රුපියල් බිලියන අටක වියදමින් ඉදිකෙරෙන අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෘද රෝග හා හෘද උරස් ශල්‍ය වෛද්‍ය සංකීර්ණයට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල් තැබේ.                            අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම, කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍ර ඒකාබද්ධ කරමින් ප්‍රබල ආර්ථික පිම්මකට නව සංවර්ධන සැලැස්මක්...                            භූ සම්පත් කැණීම් පිළිබඳ අනුරාධපුර දිස්ත්‍රික් අධීක්ෂණ කමිටුව පිහිටුවයි.                            තරුණ ව්‍යවසායකයන් 1,000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනෙහි දෙවන අදියර සඳහා සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් සුදුසුකම්ලාභී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 500ක් තෝරා ගැනීම සඳහා අයදුම් පත් කැදවයි.(වැඩි විස්තර සදහා Notice වෙත පිවිසෙන්න)                            ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කරනු ලබන විදේශ රැකියා පොළ 2026/08/10 දින පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.                            අනුරාධපුර නව නගර වානිජ කලාපයේ දී “ අත්තම " දිස්ත්‍රික් වැඩසටහන 2026/08/08 දින සාර් ථකව පැවැත්වී ය.                            Notice: දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති කිහිපයක් සඳහා මිළ ගණන් 2026.07.31 දින දක්වා කැඳවයි.                            තඹුත්තේගම ජලසම්පාදන ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට .                            අනුරාධපුර උතුරු ජලසම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන් කැබිතිගෝලෑවේ දී අරඹයි.                             ප්ලාස්ටික් නොවන භාණ්ඩ නිෂ්පාදකයින් දිරි ගන්වන සී‍රෝ ප්ලාස්ටික් වැඩසටහන අනුරාධපුරයටත්                             අනුරාධපුර වන අලි කළමනාකරණ කමිටුව රැස්වෙයි.                             “ වාරි මහිම - අපේ උරුමය ,, වැඩසටහනට අදාල අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වෙයි.                            අනුරාධපුර ශාසනාරක්ෂක බලමණ්ඩලය රැස්වෙයි.                             තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහනේ පළමු අදියර යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 125 කට චෙක්පත් ප්‍රදානය කර යි.                            ජාත්‍යන්තර පහසුකම් සහිත නව ක්‍රීඩා සංකීර්ණයක් අනුරාධපුරයේ ඉදිකිරීමට සැලසුම්                            ව්‍යවාසයකත්ව සංවර්ධන ක්‍රියාකාරකම් වලින් අනුරාධපුරයට ශ්‍රීලංකාවෙන්ම දෙවන ස්ථානය.                            "විශ්‍රාමයට පෙර සූදානමයි සාර්ථක වැඩිහිටි දිවියයි” වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී.                           

භූ සම්පත් කැණීම් පිළිබඳ අනුරාධපුර දිස්ත්‍රික් අධීක්ෂණ කමිටුව පිහිටුවයි.
=========================================
ඒකීය ගාස්තු අය කිරීම හා භූ සම්පත් කැණීම පිළිබඳ දිස්ත්‍රික් අධීක්ෂණ කමිටුව පිහිටුවීම සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026.09.04 දින අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙය වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ මූලිකත්වයෙන් සිදුවිය.
මෙහි මූලික විෂය පථය හා අරමුණු ලෙස කළුගල්, බොරළු, පස්, වැලි සහ මැටි කැණීම්, ප්‍රවාහන හා වෙළෙඳ බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම මෙන්ම සියලු නියාමන ක්‍රියාමාර්ග, අනුමැතීන් හා තීරණ 2009 අංක 66 දරන පනතින් සංශෝධිත 1992 අංක 33 දරන පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනත සහ ඒ යටතේ සාදන ලද රෙගුලාසිවලට අනුකූලව සිදු කිරීම හඳුනාගෙන තිබේ.
මෙහිදී භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ලේඛකාධිකාරී (ඛනිජ හිමිකම්) පී.ආර්. ධනංජය සිල්වා මහතා විසින් දිස්ත්‍රික් අධීක්ෂණ කමිටුව පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදු කරන ලදී. එහි දී දිස්ත්‍රික් අධීක්ෂණ කමිටුවේ සංයුතිය, කාර්යභාරය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව සවිස්තරාත්මකව දැනුවත් කිරීම සිදු කෙරිණි. ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරයා කමිටුවේ සභාපතිවරයා ලෙසත්, ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරුවරයා සම්බන්ධීකාරකවරයා ලෙසත් කටයුතු කරනු ලබන අතර, මධ්‍යම පරිසර අධිකාරිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ශ්‍රී ලංකා පොලීසිය නිත්‍ය සාමාජික ආයතන ලෙස කටයුතු කරනු ඇත.

එමෙන්ම අවශ්‍යතාව මත ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතනවල නිලධාරීන් කමිටුව වෙත කැඳවීමට කමිටු සභාපතිවරයාට බලතල හිමිවන බවද මෙහිදී පැහැදිලි කරන ලදී. කමිටුවේ ප්‍රධාන කාර්යභාරයන් ලෙස අයදුම්පත් සම්බන්ධයෙන් කටයුතු කිරීම, නව කැණීම් ස්ථාන හඳුනා ගැනීම, පාරිසරික ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීම සහ මහජන විරෝධතා සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ඇතුළු කරුණු පිළිබඳවද අවධානය යොමු කරනු ලබයි.මීට අමතරව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය පිළිබඳවද හැඳින්වීමක් සිදු කෙරුණු අතර, එම කාර්යාලය මගින් නිකුත් කරනු ලබන කාර්මික කැණීම් බලපත්‍ර, ශිල්පීය කැණීම් බලපත්‍ර, වෙළෙඳ බලපත්‍ර සහ ප්‍රවාහන බලපත්‍ර ඇතුළු බලපත්‍ර වර්ග පිළිබඳව දැනුවත් කෙරිණි.


මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ, ඛනිජ සම්පත් සැපයීමේ ක්‍රියාවලිය ඇතැම් අවස්ථාවලදී ව්‍යාපාරික හා දේශපාලනික අරමුණු සඳහා භාවිත වන තත්ත්වයක් දක්නට ලැබෙන බවයි. එබැවින් අදාළ කටයුතු සිදු කිරීමේදී අවශ්‍ය නිසි අවසර ලබා ගැනීමත්, අදාළ පාර්ශව විසින් සම්පූර්ණ කළ යුතු කාර්යයන් නිසි පරිදි සම්පූර්ණ කිරීමත් අත්‍යවශ්‍ය බව ඒ මහතා අවධාරණය කළේය. පවතින ඇතැම් ගැටලුකාරී තත්ත්වයන්ට හේතුව එම ක්‍රියාපටිපාටීන් නිසි පරිදි අනුගමනය නොකිරීම බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ඛනිජ සම්පත් නිසි කළමනාකරණයක් සහිතව ලබා ගැනීම මෙම කමිටුව හරහා විධිමත්ව සිදුකර ගැනීමට හැකි වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. එම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු අදාළ නිලධාරීන් නිසි අධීක්ෂණයකින් යුතුව කටයුතු කරමින් දායකත්වය ලබාදිය යුතු බවද ඒ මහතා පැවසීය.අදහස් දැක්වූ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා සඳහන් කළේ, ඛනිජ සම්පත් ලබා ගැනීමට හා බෙදාහැරීමට අවසර ලබාදීමේදී මහජන විරෝධතා එල්ල විය හැකි කරුණු පිළිබඳව පැහැදිලි අවබෝධයකින් යුතුව අදාළ නිර්දේශ ලබාදීම සුදුසු බවයි. එමගින් සමාජගත විය හැකි අසත්‍ය කරුණු හා වැරදි මතවාදයන් වළක්වා ගැනීමට හැකි වන බවද ඒ මහතා පෙන්වා දුන්නේය. එමෙන්ම කමිටුවේ කාර්යභාරය, සංයුතිය, ක්‍රියාපටිපාටි සහ කෙටුම්පත් ඇතුළු අදාළ විස්තර කමිටුවට සම්බන්ධ අනෙකුත් පාර්ශව වෙත ලබාදීමේ අවශ්‍යතාවද දිස්ත්‍රික් ලේකම්වරයා විසින් අවධාරණය කරන ලදී.


මෙම අවස්ථාව සඳහා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන අධිකාරියේ නියෝජිතයින්, අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා අබේසේකර , අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලයේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කැණීම් ඉංජිනේරු ටී.එස්.එල්.සී. පෙරේරා , භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරු එස්. ක්‍රිෂ්ණ කුමාර් , ප්‍රාදේශීය ලේකම්වරුන්, ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු අදාළ අංශවල නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

798080177 1705531510516507 8289273065621823522 n
792506574 2868916093507690 7226250561355325538 n
793109444 1069621842092799 9167532616485484797 n
793679122 1414722107271364 5465308789461236975 n
795068612 1092026086690678 4333158229535495750 n
796270080 1337039504912494 4970428182933562499 n