NEWS රුපියල් බිලියන අටක වියදමින් ඉදිකෙරෙන අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෘද රෝග හා හෘද උරස් ශල්‍ය වෛද්‍ය සංකීර්ණයට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල් තැබේ.                            අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම, කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍ර ඒකාබද්ධ කරමින් ප්‍රබල ආර්ථික පිම්මකට නව සංවර්ධන සැලැස්මක්...                            භූ සම්පත් කැණීම් පිළිබඳ අනුරාධපුර දිස්ත්‍රික් අධීක්ෂණ කමිටුව පිහිටුවයි.                            තරුණ ව්‍යවසායකයන් 1,000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනෙහි දෙවන අදියර සඳහා සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් සුදුසුකම්ලාභී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 500ක් තෝරා ගැනීම සඳහා අයදුම් පත් කැදවයි.(වැඩි විස්තර සදහා Notice වෙත පිවිසෙන්න)                            ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කරනු ලබන විදේශ රැකියා පොළ 2026/08/10 දින පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.                            අනුරාධපුර නව නගර වානිජ කලාපයේ දී “ අත්තම " දිස්ත්‍රික් වැඩසටහන 2026/08/08 දින සාර් ථකව පැවැත්වී ය.                            Notice: දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති කිහිපයක් සඳහා මිළ ගණන් 2026.07.31 දින දක්වා කැඳවයි.                            තඹුත්තේගම ජලසම්පාදන ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට .                            අනුරාධපුර උතුරු ජලසම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන් කැබිතිගෝලෑවේ දී අරඹයි.                             ප්ලාස්ටික් නොවන භාණ්ඩ නිෂ්පාදකයින් දිරි ගන්වන සී‍රෝ ප්ලාස්ටික් වැඩසටහන අනුරාධපුරයටත්                             අනුරාධපුර වන අලි කළමනාකරණ කමිටුව රැස්වෙයි.                             “ වාරි මහිම - අපේ උරුමය ,, වැඩසටහනට අදාල අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වෙයි.                            අනුරාධපුර ශාසනාරක්ෂක බලමණ්ඩලය රැස්වෙයි.                             තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහනේ පළමු අදියර යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 125 කට චෙක්පත් ප්‍රදානය කර යි.                            ජාත්‍යන්තර පහසුකම් සහිත නව ක්‍රීඩා සංකීර්ණයක් අනුරාධපුරයේ ඉදිකිරීමට සැලසුම්                            ව්‍යවාසයකත්ව සංවර්ධන ක්‍රියාකාරකම් වලින් අනුරාධපුරයට ශ්‍රීලංකාවෙන්ම දෙවන ස්ථානය.                            "විශ්‍රාමයට පෙර සූදානමයි සාර්ථක වැඩිහිටි දිවියයි” වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී.                           

අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම
==============================
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම පසුගිය 15 වන දින කමිටුවේ සම සභාපතිවරුන් වන , වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ උතුරුමැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරුමැද පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අංශයේ සැලසුම් අධ්‍යක්ෂ සුගත් නයනානන්ද මහතා සහ එම අංශයේ නිලධාරීන් විසින් මෙම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සංවිධානය කර තිබිණි.
රැස්වීමේදී පළමුව පසුගිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සාකච්ඡා වූ ගැටලු සහ ප්‍රගතිය පිළිබඳව සවිස්තරාත්මකව සමාලෝචනය කෙරිණි. එහිදී මේ වන විටත් විසඳුම් ලබා නොදුන් ඇතැම් ගැටලු පවතින බව හඳුනාගත් අතර, ඒ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ගෙන් කරුණු විමසීමද සිදු කෙරිණි.මෙවර කමිටු වාරය සඳහා ඉදිරිපත් කර තිබූ ගැටලු සහ විවිධ කරුණු රැසක් සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.ග්‍රාමීය හා ප්‍රාදේශීය සංවර්ධන කටයුතු යටතේ ග්‍රාම නිලධාරී වසම් ආශ්‍රිතව පවතින ගැටලු, ප්‍රජාශක්ති වැඩසටහනේ ඉදිරි පියවර, මාර්ග සංවර්ධන කටයුතු කඩිනම් කිරීම ඇතුළු කරුණු පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.


තවද ගොවිජන සේවා හා වගා ව්‍යාපෘති ප්‍රවර්ධනය, වනජීවී සහ සංචාරක ක්ෂේත්‍රයේ නව පිබිදීමක් ඇති කිරීම සඳහා වන සැලසුම්, අලි වැට ඉදිකිරීම හා අලි කොරිඩෝ වෙන් කිරීම, ප්‍රදේශයේ පූජාභූමි ආශ්‍රිත සංවර්ධන කටයුතු විධිමත් කිරීම, නැවත පදිංචි කිරීම හා ඉඩම් ආශ්‍රිත ගැටලු, දිට්වා ආපදා තත්ත්වය සම්බන්ධ පසු විපරම් කටයුතු, මහජන ආරක්ෂාව මෙන්ම ප්‍රදේශ කිහිපයක පවතින දුරකතන සංඥා හා අන්තර්ජාල සේවාවල දුර්වලතා පිළිබඳවද සාකච්ඡා කළේ ය.එහිදී විශේෂ අවධානයක් යොමු වූයේ වාරි මහිම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන වැව් ප්‍රතිසංස්කරණ, ඇළ මාර්ග සංවර්ධනය සහ වැව් බැමි ආශ්‍රිත ආරක්ෂණ ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය පිළිබඳවය.එසේම අධ්‍යාපන සහ සෞඛ්‍ය අංශ කෙරෙහිද වැඩි අධානයක් යොමු විය.


අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් සහ මේ වන විට ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් පිළිබඳවද මෙහිදී කරුණු ඉදිරිපත් කෙරිණි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් 66ක් භෞතිකව සංවර්ධනය කිරීම සඳහා ව්‍යාපෘති සකස් කර ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය අනුමැතීන් ලබාදීමේ අවශ්‍යතාවත් අදාළ නිලධාරීන් විසින් පෙන්වා දෙන ලදී.එමෙන්ම දරුවන්ගේ විභාග ප්‍රතිඵල ඉහළ නැංවීම සඳහා විවිධ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවද මෙහිදී සඳහන් කෙරිණි. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සඳහා පසුගිය මාසය පුරා සම්මන්ත්‍රණ මාලාවක් පවත්වා ඇති අතර, ඉදිරියේදී ද එවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන් විය. උසස් පෙළ දරුවන් සඳහාද එවැනි වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය සමඟ එක්ව විවිධ ප්‍රායෝගික වැඩසටහන් සංවිධානය කර ඇති බවද අධ්‍යාපන අංශයේ නිලධාරීහු පෙන්වා දුන්හ. මෙවර පළාතක් ලෙස ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවල ඉහළ යෑමක් දක්නට ලැබීම සතුටට කරුණක් බවද ඔවුහු සඳහන් කළහ.
සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව මූලික රෝහල් වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද මෙහිදී අනාවරණය විය. එමෙන්ම ප්‍රාදේශීය රෝහල්වල වෛද්‍යවරුන්ගේ හිඟය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයට බලපාන ගැටලු කිහිපයක් පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කළේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපරාධවල අඩු වැඩි වීමක් සාපේක්ෂව දක්නට ලැබෙන බවයි. ඇතැම් අපරාධකරුවන් තමන් සිදු කළ වැරදිවලින් පසුව නීතියෙන් සැඟවී සිටීම සඳහා වෙනත් ප්‍රදේශවලට ගොස් පදිංචි වීමේ තත්ත්වයක් දක්නට ලැබෙන බවද පොලීසිය පෙන්වා දුන්නේය. එවැනි පුද්ගලයන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් සොයා බැලීම් සිදු කරන ලෙස ග්‍රාම නිලධාරීවරුන්ගෙන් පොලීසිය ඉල්ලීමක්ද කළේය.
මෙම කරුණු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවලදී අදාළ විෂය ක්ෂේත්‍ර නියෝජනය කරන නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කළ අතර, සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමේදී මතුවන ප්‍රායෝගික ගැටලු පිළිබඳවද කමිටුව දැනුවත් කරන ලදී.මෙහිදී අදහස් දැක්වූ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ යෝජිත සියලු කාර්යයන් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා සියලුම නිලධාරීන්ගේ සක්‍රීය දායකත්වය අත්‍යවශ්‍ය බවයි. තම තමන් වෙත පැවරී ඇති වගකීම් නිසි පරිදි ඉටු කරන ලෙසත්, ප්‍රතිපාදන වෙන් කර ඇති ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා අවධාරණය කළේය. මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වෙත සිය කාර්යයන් කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන බවද ඒ මහතා පැවසීය. කමිටු රැස්වීම සඳහා සහභාගී වූ සියලු නිලධාරීන් වෙත සිය ස්තූතියද පළ කළේය.


මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය සේන නානායක්කාර, සුසන්ත කුමාර නවරත්න, තිළිණ සමරකෝන් සහ නීතීඥ භාග්‍ය ශ්‍රී හේරත් යන මහත්වරුන්, අනුරාධපුර නගරාධිපති එන්. කරුණාරත්න මහතා ඇතුළු දේශපාලන අධිකාරියේ නියෝජිතයන්, පලාත් ප්‍රධාන ලේකම් රංජන ජයසිංහ , අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා, , අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) සන්ධ්‍යා අබේසේකර මහත්මිය, ප්‍රාදේශීය ලේකම්වරුන්, ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු අදාළ රාජ්‍ය ආයතන හා අංශ නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

811748246 1380006091854781 5361726038646595119 n
789581053 2303096540492059 5181664303370081233 n
796668592 2048290429154730 2496362760895451314 n
796886503 2491023474707464 9054016968087410825 n
799869151 2206080603287549 7164036983413893843 n
811710937 1991872091473943 4736576178548860055 n