රජරටින් මුලු රටටම පෙලට් හා කැට පොහොර නිශ්පාදන කර්මාන්ත ශාලාවක් 2023 වර්ෂයේ ආරම්භ කළේ ය. ඒ අනුරාධපුර දිස්ත්රික්කයේ මහවිලච්චිය ප්රාදේශිය ලේකම් කොට්ඨාසයේ ඔයාමඩුව ප්රදේශයේ දි ය. මෙහි ක්රියාකාරීත්වය හා නිෂ්පාදනයන් කිරික්ෂණය කිරිම සදහා පසුගිය දා අනුරාධපුර දිස්ත්රික් ලේකම් රංජිත් විමලසුරිය මහතා ඇතුලු නිලධාරින් පිරිසක් එහි පැමිණියා.
ශ්රි ලංකාව තුල තාක්ෂණික වශයෙන් කාබණික උසස් කැට පොහොර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් වශයෙන් හැදින්විය හැකි මෙම කර්මාන්ත ශාලාව නේචර් බ්යුටි ක්රියේෂන්ස් ආයතනය විසින් ක්රියාවට නන්වයි. රජරටින් මුලු රටටම සිදු කල දැවැන්ත ආයෝජනයක් වශයෙන් මෙම පෙලට් හා කැට පොහොර නිශ්පාදන කර්මාන්ත ශාලාව හැදින්විය හැකි ය. පරිසර හිතකාමි ආයතනයක් ලෙස අවුරුදු 20 කට අධික කාලයක් ජනතා විශ්වාසය දිනු මෙම ආයතනය පරිසර සංරක්ෂණය කිරිම හා තිරසරභාවය රැකගැනිමේ මහගු කාර්යක නිරත වෙයි.
ඉකෝ ප්රොටෙක්ට් ඉන්ජිනියරින් පුද්ගලික සමාගම නමින් මෙම පොහොර නිෂ්පාදන කර්මාන්ත ශාලාව නිශ්පාදන කටයුතු ආරම්භ කර ඇත. වර්ග අඩි 25000 කින් සමන්විත මෙම නිශ්පාදනාගාරය නවීන පහසුකම් වලින් සමන්විතයි. වාර්ෂිකව කාබණික, දෙමුහුන් හා එන්.පී.කේ. රසායනික පෙලට් හා කැට පොහොර මෙට්ර්ක් ටොන් 10,000 කට අධික ප්රමාණයක් නිෂ්පාදන කිරිමේ හැකියාව ඇත. ඉදිරියේ දි පරිසර හිතකාමිව අධිතාක්ෂණික පොහාර නිපදවිමට අපෙක්ෂා කරයි. මේ ව විට ගෙවතුවගා සදහා, එළවලු සදහා, වී වගාව සදහා, බඩඉරිගු,පොල්, තේ ආදි භෝග සදහා පොහොර නිශ්පාදන කරයි. මෙයින් වැඩි ප්රමාණයක් දිස්ත්රික්කයෙන් පිට ගොවින් මිලදි ගනි.
මෙම අවස්තාව සදහා ඉකෝ ප්රොටෙක්ට් ඉන්ජිනේයරින් පුද්ගලික සමාගමේ ආයතන කළමණාකරු රෝෂාන් ලියනගේ, වානිජ අධ්යක්ෂ ගයාන් ගුණතිලක යන මහත්වරුන් එක්වුහ.
අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්) සන්ධ්යා එන්.ජී අබේසේකර, මහවිලච්චිය ප්රාදේශිය ලේකම් එම්.සී. චන්ද්රදාස, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අනුරාධපුර දිස්ත්රික් සහකාර අධ්යක්ෂ බන්දුල කුමාර යන මහත්ම මහත්මින් සහ කෘෂිකර්ම ක්ෂේත්රයට අදාල රාජ්ය නිලධාරින් පිරිසක් ද මෙම ක්ෂේත්ර චාරිකාවට එක්වුහ
.













